Tuesday, August 18, 2026
HomeNEWSඅග්‍රාමාත්‍යතුමා ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බලයි

අග්‍රාමාත්‍යතුමා ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බලයි

අග්‍රාමාත්‍යතුමා ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බලයි

ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද 2021.03.12 දින පෙරවරුවේ විමසා බැලුවේය.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ විශේෂ ප්‍රගති සමාලෝචනයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව අවධානය යොමු කළේය.

සෙත්සිරිපායේ පිහිටි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ  ශ්‍රවණාගාරයේ දී මෙම විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්විණි.

“ සැමට නිවසක් සහ තිරසර ඉදිකිරීම් කර්මාන්තයක්” තේමාවෙන් සිය රාජ්‍ය අමාත්‍යංශය ඔස්සේ ක්‍රියාත්මක වැඩපිළිවෙල මෙහි දී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විසින් පැහැදිළි කළේය.

ග්‍රාමීය නිවාසවලට අමතරව ඉදිකිරීම් හා ගොඩනැගිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ මේ වනවිට පවතින ව්‍යාපෘති හා ඒවායේ ප්‍රගතිය අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට ලක්විය.

“ඔබට ගෙයක්-රටට හෙටක්”ආධාර නිවාස වැඩසටහන යටතේ 2020 වසරේ දී  ග්‍රාමීය නිවාස 6745ක වැඩ අවසන් කර ඇති අතර ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 5257ක් වැය කර තිබේ.

මෙම ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිය යටතේ 2021 වසරේ නිවාස 14022ක් ඉදිකිරීමට නියමිතය. ඉන් 1917ක වැඩ මේ වනවිට ආරම්භ කර ඇත.

මෙයට අමතරව මහා සංඝරත්නයේ දෙමාපියන් වෙනුවෙන් ක්‍රියාත්මක මිහිඳු නිවහන නව නිවාස ව්‍යාපෘතිය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා විමසා සිටියේය. 

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය යටතේ නිවාස 2000ක් ඉදිකිරීමට නියමිත අතර ඉන් නිවාස 50ක කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව නිලධාරිහු අග්‍රාමාත්‍යතුමාට පෙන්වා දුන්හ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ඕෂන් වීව් සංවර්ධන පුද්ගලික සමාගම, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ගොඩනැගිලි ද්‍රව්‍ය දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ඔස්සේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය අග්‍රාමාත්‍යතුමා මෙහිදී විමසා බැලුවේය.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.බී යාලේගම, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කීර්ති රංජිත් අබේසිරිවර්ධන, අතිරේක ලේකම් පුෂ්පා එදිරිසිංහ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ආර්. කළුපහන, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති මහේන්ද්‍ර විජේසේකර මහත්වරු ඇතුළු රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානීන් හා නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img