Tuesday, August 18, 2026
HomeNEWSපෙරහර මංගල්‍යය සඳහා හීලෑ අලි ඇතුන් හිඟය ජනපති අවධානයට ...

පෙරහර මංගල්‍යය සඳහා හීලෑ අලි ඇතුන් හිඟය ජනපති අවධානයට …

පෙරහර මංගල්‍යය සඳහා හීලෑ අලි ඇතුන් හිඟය ජනපති අවධානයට …

හිලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහර මංගල්‍ය පැවැත්වීමේ දී මතුව ඇති ගැටළු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරන මහා සංඝරත්නය ගැටළුව විසඳීමට  කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව අවධාරණය කරති. 

පෙරහර මංගල්‍යය අතීතයේ සිට පැවත එන දේශීය ආගමික හා සංස්කෘතික උරුමයකි. බෞද්ධ සංස්කෘතිකාංග සුරැකීමට මහා සංඝරත්නය සේම රජය ද බැඳී සිටින බව ද උන්වහන්සේ පෙන්වා දෙති. 

පෙරහර මංගල්‍ය සදහා හීලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා මතුව ඇති ගැටළු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ. 

මහා සංඝරත්නය සහ හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. 

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය ඇතුළු සෙසු ඓතිහාසික පෙරහර මංගල්‍ය සඳහා අවශ්‍ය හිලෑ අලි ඇතුන් සොයා ගැනීමට නොහැකිවීමෙන් මතුව ඇති ගැටළු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. 

80 දශකය වන විට ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 300 ත් 350 අතර පැවතිණ. දැන් එය 107 කි.ඉන් 80 ක් පමණ දැන් වයස අවුරුදු 50 ඉක්මවා සිටිති. පෙරහර සඳහා අලි ඇතුන්ගේ විශාල අඩුවක් පවතින බව අනාවරණය කෙරිණ. 

පෙරහර චාරිකාවට සුදුසු අලියෙකු හෝ ඇතෙකු පුහුණු කිරීමට වසර 3 ක පමණ කාලයක් ගතවන බව හීලෑ අලි ඇතුන් හිමිකරුවෝ පෙන්වා දුන්හ.

අතීතයේ සිට සෑම රාජ්‍ය නායකයෙකුම වෙහෙර විහාරස්ථාන සඳහා අලි ඇතුන් පූජා කර තිබේ. මියන්මාරය, බුරුමය, තායිලන්තය වැනි රටවලින්ද රාජ්‍ය තාන්ත්‍රික පදනමින් විහාරස්ථාන සඳහා අලි ඇතුන් තෑගි කිරීම සම්ප්‍රදායයක්ව පවතින බව මහා සංඝරත්නය සඳහන් කළහ.

අලි ඇතුන් නඩත්තුව සහ රැකබලා ගැනීම මනාව කළයුතු බවත් ඔවුන් මියගිය පසු පාංශකූලය දීම, පින් අනුමෝදන් කිරීම වැනි සම්ප්‍රදායන් වර්තමානය දක්වාම පවතින බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

පෙරහැර කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් හීලෑ අලි ඇතුන් ගහණයක් රටට අවශ්‍ය බව තමා ද දැඩි සේ විශ්වාස කරන බව ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.  හීලෑ අලි ඇතුන් නියාමනය සහ සංරක්ෂණය පිළිබඳ කොන්දේසී සැකසීමේදී හිමිකරුවන් සමඟද සාකච්ඡා කරන්නැයි ජනාධිපතිතුමා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, තිස්සමහාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන, කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ සභාපති නිලංග දෑල යන මහත්වරු සහ රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img