Tuesday, August 18, 2026
HomeNEWSකොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යතුමාට එළිදක්වයි

කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යතුමාට එළිදක්වයි

කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යතුමාට එළිදක්වයි

කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ එළිදැක්වීම අද 2021.03.12 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

දැනට කොල්ලුපිටිය වෙළඳපොල පවතින ස්ථානයේ මහල් 39කින් යුතුව නව වෙළඳ හා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය.  

එහි පළමු, දෙවැනි හා තෙවැනි මහල් මුළුමනින්ම වෙළඳ සංකීර්ණය වෙනුවෙන් වෙන් වේ.

අටවැනි මහලේ සිට ඉහළට කුලුනු දෙකක් මත ඉදිවන මහල් 30ක සුපිරි නිවාස සංකීර්ණයකි.

නව සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ අඹ ටිකක් පළතුරු හෝ එළවළු ටිකක් විකුණගන්න අවශ්‍ය කෙනෙකුට ඉඩක් තිබෙනවා දැයි අග්‍රාමාත්‍යතුමා විමසා සිටියේය. 

එළවළු හා පළතුරු විකුණා ගැනීමට මෙහි විශේෂිත ස්ථානයක් වෙන් කර ඇති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විශ්වාසය පළ කළාය. 

ඒ අනුව සාමාන්‍ය වෙළෙන්දන්ට ඔවුන්ගේ අස්වනු අලෙවි කර ගැනීම සඳහා නව වෙළඳ සංකීර්ණයේ ස්ථානයක් අනිවාර්යයෙන් වෙන් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.

මෙම නව වෙළඳ සංකීර්ණය සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙසත් දේශීය ආහාර සංස්කෘතිය පිළිඹිබුවන ආකාරයටත් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. 

දැනට රථ ගාල් කිරීම 30-40 තරම් සීමාවී පැවතිය ද නව ව්‍යාපෘතිය ඔස්සේ වාහන 348ක් ගාල් කිරීමේ පහසුකම උදා වේ.

ඩිසයින් වන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී ධනංජන අමරසේකර මහතා මෙහි දී කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ආකෘතිය අග්‍රාමාත්‍යතුමාට පැහැදිලි කළේය. 

කොළඹ මහ නගර සභාවේ අනුමැතියෙන් පසුව යෝජිත ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කිරීමට නියමිතය. වසර තුනකින් නිමා කිරීමට නියමිත මෙම නව ව්‍යාපෘතිය සඳහා අප්‍රේල් මාසයේ මුල් ගල තැබීමට අපේක්ෂිතය.

නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව සහ ඊට ඉදිරිපත්වන ආයෝජන සමාගම එක්ව මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර, ඩිසයින් වන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී ධනංජන අමරසේකර ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img