Tuesday, August 18, 2026
HomeNEWSවළව මාරාන්තික උපවාසයට එක්වු තිදෙනා රෝහල් ගතකෙරේ

වළව මාරාන්තික උපවාසයට එක්වු තිදෙනා රෝහල් ගතකෙරේ

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් ආරම්භ කළ මාරාන්තික උපවාසයට එක්වු ගොවීන් තිදෙනා රෝහල්ගත කර තිබේ.

ඊයේ (10) සවස උපවාසය අවසන් කෙරුණු අතර, රාත්‍රී 7.00ට පමණ එම ගොවීන් තිදෙනා සූරියවැව ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇත.

වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නිලධාරීන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා හරහා විරෝධතාකරුවන්ට සිය ඉල්ලීම වූ අදාළ ගැසට් පත්‍රය මසක් ඇතුළත නිකුත් කරන බවට ඊයේ දැනුවත් කිරීමත් සමඟ ආරම්භ කළ මරාන්තික උපවාසය ඊයේ පස්වරුවේ අවසන් කෙරුණි.

මාරාන්තික උපවාසය අවසන් වුවද ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img