Tuesday, August 18, 2026
HomeNEWSමන්ත්‍රී අශෝක් අබේසිංහ CIDයට පැමිණේ

මන්ත්‍රී අශෝක් අබේසිංහ CIDයට පැමිණේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ඔහු ප්‍රකාශ කර තිබු අතර එම ප්‍රකාශය පිළිබඳ ව පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.

අශෝක් අබේසිංහ මහතාව එම ස්ථානයට පැමිණියේ සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතාගේ වාහනයෙනි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, “මම එතුමා සමග පැමිණියා. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ නායකයා හැටියට මම තරයේ විශ්වාස කරනවා මගේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන්න ට ඕනේ, රැකගන්නට ඕනේ කියලා. ඒ නිසයි මගේ වාහනෙන් මම එතුමාව ගෙනාවේ.“ යනුවෙනි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, මුළු රටේම බලාපොරොත්තුව වුයේ පාස්කු ප්‍රහාරයට මුල් වු මහ මොළකරුවන්ව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම බවය.

“රටේ ජනතාව රාජ්‍ය පාලනයේ වෙනසක් කළා. ඒ වෙනස කළේ එක හේතුවක් තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට අරගෙන නීතියානූකූල ක්‍රමවේදය තුළ ඒ අයට දැඩි දඬුවම් පැමිණ වීම. අපේ මතයත් රටේ මතයත් එය එසේ සිදුවෙලා නෑ. ඒ නිසා ඒ පිළිබඳව 69 ලක්ෂයක් ඡන්දය දුන්න අය ජනාධිපතිවරණයේත් 68 ලක්ෂයක් මහ මැතිවරණයේ වර්තමාන රජයට ඒ වරම ලබාදුන් කණ්ඩායම් බලා සිටිනවා. අපිත් බලාගෙන ඉන්නවා. අපිටත් ඕනේ පාස්කු ප්‍රහාරයේ නින්දිත ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් පමුණුවන්න ඕනේ. එහිදී නීතිය ක්‍රියාත්මක කරමින් යුක්තිය, සාධාරණත්වය විශේෂයෙන් ප්‍රහාරයට ලක්ව මියගිය පවුල්වලට සාධාරණත්වයක් ඉටුවිය යුතුයි. මොන වන්දියක් ලබා දුන්නත් ජීවිත ආපහු ගේන්න බෑ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img