Tuesday, August 18, 2026
HomeNEWSගම්පහ දිස්ත්‍රික්කයේ 60ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම හෙට සිට

ගම්පහ දිස්ත්‍රික්කයේ 60ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම හෙට සිට

ගම්පහ දිස්ත්‍රික්කයේ 60ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම හෙට සිට

ගම්පහ දිස්ත්‍රික්කයේ 60ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම හෙට සිට ඇරඹේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 109 කදී හෙට සිට මෙම එන්නත ලබා දීම සිදුකෙරෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

යුනිසෙෆ් සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ පසුගිය 07 වන දා දිවයිනට ලැබුණු ඔක්ස්වර්ඩ් ඇස්ට්රා සෙනිකා කොවිෂිල්ඩ් දෙලක්ෂ හැට හතර දහසක් වන එන්නත් තොගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට වෙන් කෙරුනු එන්නත ලබා දීම මේ යටතේ සිදුවන බවද ඇමතිවරයා සඳහන් කරයි. 

මෙම එන්නත් ලබාදීම සඳහා විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම පිලිබඳව අද (12) උදෑසන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. 

මෙහිදී අනාවරණය වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ  වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 119080 දෙනෙකු සිටින බවයි.පසුගිය දිනවල ඉන් 46,093 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දී තිබේ.ඒ අනුව තවත් 72,987 දෙනෙකුට මෙම එන්නත ලබා දීමට නියමිත බවද මෙහිදී සඳහන් කෙරිණි.

මෙම එන්නත්කරන වැඩසටහන සඳහා දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල අනුයුක්තව පුහුණුව ලබන උපාධිධාරීන්ගේ සහය ලබාගැනීමටද මෙහිදී තීරණය කෙරිණි. ප්‍රවාහන පහසුකම් සැලසීම අදාල පළාත් පාලන ආයතන වලට පැවරුණු අතර ඇමතිවරයා සඳහන් කලේ මෙම එන්නත්කරණ වැඩසටහන ඉතාමත් විධිමත් ලෙස සිදුකල යුතු බවයි. දිස්ත්‍රික්කයේ  මෙම එන්නත ලබාදිය හැකි ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම දෙනාට හැකි ඉක්මනින් මෙම එන්නත ලබාදීම අවසන් කිරීම සිය අපේක්ෂාව බවත්, ඒ සඳහා සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහය අපේක්ෂා කරන බවත් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img