Tuesday, August 18, 2026
HomeNEWSශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා - චීනයේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා – චීනයේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා – චීනයේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබදව අවධානයෙන් සිටින බව චීනය පවසයි.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ ජාතික ධජවලට පූර්ණ ගෞරවය දැක්විය යුතු බවය.

චීනය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සාමය සමෘද්ධිය සහ අභිමානය වෙනුවෙන් කැපවී සිටින බව ද චීන තානාපති කාර්යාලය පවසයි.

ජාතික ධජය ඇතුළත් කර පාපිස්නා සහ පාවහන් නිෂ්පාදනය කර අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන වෙබ් අඩවියක ප්‍රදර්ශනය තිබේ.

අදාළ භාණ්ඩ නිෂ්පාදකවරයා චීනයේ වන අතර ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊයේ (12) දිනයේ දැනුම්දීමක් කරනු ලැබීය.

ඊට අමතරව අදාළ භාණ්ඩ අලෙවිකරන ඇමසොන් වෙබ් අඩවියේ මූලස්ථානය පිහිටා ඇත්තේ අමෙරිකාවේ වන බැවින් ඒ පිළිබඳව සොයාබලන ලෙස වොෂිංටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img