Monday, August 17, 2026
HomeNEWS“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය කරමු...

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය කරමු – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය කරමු – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යෑමට රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 2021.03.15 රාත්‍රියේ ප්‍රකාශ කළේය.

වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) එළිදැක්වීම කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. 

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අදාළ මෙහෙයුම් පටිපාටිය (SOP) ඇතුළත් ලේඛනය අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්නුවේය.

මෙසේ එළිදැක්වූ ශ්‍රී ලංකා මෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය කිරිමේ කර්මාන්තය සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය කර්මාන්ත අමාත්‍යංශ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

අග්‍රාමාත්‍යතුමා මෙම උත්සව අවස්ථාවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

කාලයක් තිස්සේ අපේ රටට අවශ්‍යවෙලා තිබුණු ක්ෂේත්‍රයකට අද ආරම්භයක් ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව මාගේ සතුට පළකරනවා.

මිත්‍රවරුනි,

කොවිඩ් වසංගතයට කලින් අපි වාහන ගෙන්වන්න වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කළ බව ඔබ දන්නවා. අමෙරිකානු ඩොලර් මිලියන 1000ත් -1500ත් අතර මුදලක් ඒ විධියට අපි වාහන ගෙන්වන්න වාර්ෂිකව වැය කරලා තිබෙනවා.

ඒ නිසා කොවිඩ් සමඟ ආපු ආර්ථික බලපෑම අවම කරගන්න අපි වාහන ආනයනය නතර කළා. එහෙම කළේ කවුරුත් පීඩාවට පත්කරන්න හිතාගෙන නෙමෙයි.

ඒ වෙනකොටත් අවුරුදු දෙකකට විතර ඇතිවෙන්න ගෙනාපු වාහන රට ඇතුළෙ තිබුණා.

මිත්‍රවරුනි,

විශේෂයෙන් ගෝලීය වසංගතයක් ආපු මේ වෙලාවේ තමයි දේශීය ආර්ථිකයේ වැදගත්කම වඩා හොඳින් තේරුම් යන්නෙ. ඒ විතරක් නෙමෙයි අපේ ආර්ථික ක්‍රමයෙ හෝ ඒවායේ අඩුපාඩු හදාගන්නත් මෙය හොඳම අවස්ථාවක්. 

ක්‍රමයක් වෙනස් කරන්න හදන කොට විවිධ බාධක එනවා. සමහර අය කැමතියි. තව අය අකමැතියි. හැබැයි සාර්ථක ක්‍රමයක් අපි හඳුන්වලා දුන්නම ඒ හැමෝම ඒ වැඩපිළිවෙල එක්ක එකතුවෙනවා.

වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) මෙයට පෙර තිබුණෙ නැහැ.

එවැනි ක්‍රමවේද හදන්න බොහෝ යෝජනා ඉදිරිපත් වුණත් ක්‍රියාත්මක කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ.

මම දන්නවා කර්මාන්ත අමාත්‍ය අපේ විමල් වීරවංශ මැතිතුමා මේ ගැන බොහෝ සංවාද කළා. කැබිනට් මණ්ඩලයට ඇවිත් අපට ඒ ගැන පැහැදිලි කළා. 

හැබැයි මේ කාර්යය මෙතරම් කඩිනමින් කරන්න පුළුවන් වෙයි කියලා අපි කවුරුත් විශ්වාස කළේ නැහැ. 

මෙය අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

රටේ සම්මත මෙහෙයුම් පටිපාටියක්(SOP) තිබෙන විට දේශීය හා විදේශීය ඕනෑම ආයෝජකයකුට එය පහසුවක්. 

ඒ වගේම ඔවුන්ට කිසිදු පැකිලීමකින් තොරව අපේ රටේ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසීමට මාවතක්ද නිර්මාණය වෙනවා.

වාහන එකලස් කිරීම දේශීය වශයෙන් ආරම්භ කළාම ඔවුන්ට බදු සහන ලබාගන්නත් පුළුවන්.  ඒ විතරක් නෙමෙයි වාහන උපාංග නිපදවීමේ කර්මාන්තයත් ඒ එක්කම වේගයෙන් දියුණ වෙනවා.

මිත්‍රවරුනි, 

ලෝහ හා ලෝහ නොවන නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, ටයර් හා රබර් නිෂ්පාදන කර්මාන්ත මේ පහසුකම ඔස්සේ දියුණු වෙනවා. 

තවත් පැත්තකින් නවෝත්පාදන සඳහා රට තුළ විශාල ඉල්ලුමක් ඇතිකරන්නත් ඒ සම්බන්ධ උනන්දුව ඉහළ දමන්නත් මෙවැනි සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) තිබීම ඉතා වැදගත්.

ඒ වගේම කර්මාන්ත ක්ෂේත්‍රයේ තාක්ෂණික උපාධිධාරීන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් විසි දහසකට පමණ මේ වැඩපිළිවෙළින් සෘජු රැකියා අවස්ථාද හිමිවෙනවා. 

මිත්‍රවරුනි,

අපි තරග කරන්නෙ දියුණු ලෝකයක් සමඟ. මොනතරම් බාධක තිබුණත් මේ තරගයෙන් අපි ඉවත්විය යුතු නැහැ. විදේශ විනිමය විදෙස් රටවලට ගලා යාම අවම කරමින් ජාතික ආර්ථික අභියෝගය ජය ගැනීමේ හැකියාව අපට තිබෙනවා.

මෙම වැඩපිලිවෙල සාර්ථක කරගැනීමට විමල් ඇමතිතුමා සහ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට ඇතුළු සියලුදෙනාට හැකියාව තිබෙන බව මම දන්නවා.

ඒ වගේම ඔබ සියලු දෙනාගේම කැපවීම මත සෞභාග්‍යමත් දේශයක් උදා කරගැනීමේ හැකියාව සහ විශ්වාසය අපට තිබෙනවා. 

ඒ නිසා “මේඩ් ඉන් ශ්‍රී ලංකා”(Made In Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙනයන්න රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු.

ඔබ සැමට සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා 

වාල්මිකී කියන විදිහට රාවණා යන්නේ දඬුමොණරෙන් ඒ කතාව සත්‍ය උනත් අසත්‍ය උනත් අපි එවැනි ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්.

ඒ නිසාම වාහන නිෂ්පාදන හා එකලස් කිරීමේ ප්‍රතිපත්තිය එළිදැක්  වීමට ලැබීම ගැන සතුටු වෙනවා.

තාක්ෂණ විෂයන්ගෙන් උපාධිය ලබන දරුවන්ට ඉංජිනේරු උපාධිය ලබන දරුවන්ට ලංකාව තුළම රුකියා බිහිවීමෙි අවස්ථා මෙමඟින් ප්‍රසාරණය වෙනවා. 

ඇතැම් ආනයනයන් සීමාකිරීමට හේතු වුණේ රුපියලේ අවප්‍රමානයම නෙවෙයි. නිෂ්පාදන අවකාශය සකස් කර ගැනීමට. අද ලාංකික නිෂ්පාදකයින් ඒ අවකාෂය හොදින් නතුකරගනිමින් ඉන්නවා යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, මෝටර් රථ එකලස් කරන්නන්ගේ සංගමයේ සභාපති අසේල ලිහිනිකඩුව මහත්වරු ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img