බන්ධනාගාරගත කළ රවී අතුළු 8දෙනා වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරේ
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.
රුපියල් බිලියන 36.89 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ රවී කරුණානායක මහතාට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ලැබීය.
2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල බැඳුම්කර වෙන්දේසියේදී මෙම බැඳුම්කර වංචාව සිදුව තිබේ.






















