Monday, August 17, 2026
HomeNEWSගෑස් මිල ඉහළ යයි ද? - අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

ගෑස් මිල ඉහළ යයි ද? – අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

ගෑස් මිල ඉහළ යයි ද? – අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ දී ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළෙඳපොළ සම්බන්ධයෙන් ඊයේ (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර තිබේ.

සහල්, පොල්, කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, ලොකු ළූණු, රතු ළූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා රේගුව භාරයේ ඇති සහල් මෙට්‍රික්ටොන් 3,000කට ආසන්න ප්‍රමාණයක් සතොස හරහා ජනතාවට බෙදාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික්ටොන් 25,000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයින්ගෙන් මිලදී ගැනීමට මෙහිදි අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

රට තුළ සහල් හිඟයක් නොමැති බවත් මෙරට පාරිභෝජනයට අවශ්‍ය  තරම් සහල් රට තුළ නිෂ්පාදනය වී ඇති බවත් සාකච්ඡාවට එක්වෙමින් ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අනාවරණය කරයි.

එමෙන්ම අවුරුදු සමයේ එළවළු මිල පහළ යනු ඇති බවට තමන් විශ්වාස කරන බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශකර ඇත. 

මෙම සාකච්ඡාවට එක්වෙමින් පොල්, කිතුල් හා තල් වගාව ප්‍රවර්ධනය ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සහ අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කියා සිටියේ ඉදිරියේ දී සතොස හරහා අඩු මිලට පොල් අලෙවි කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img