ඇතැම් පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරනවා – ජනපති
රජයේ ප්‍රගතිය මැන බැලීමේ දී රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්රතිලාභ සලකාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඇතැම් පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරමින් සිටින බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් සහ ක්‍රියාකාරිනියන් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ පාරම්පරික ඉඩම් ගොවීන්ට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවන බවය.
පරිසරය නියාමනය කිරීම මෙන්ම සංවර්ධනය ද අවශ්‍යම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණයකර තිබේ.
ජීවන වියදම පාලනයට ඇති ප්‍රධාන මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩිකිරීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටතුළ වගාකළ හැකි බෝග 17ක් ආනයනය සීමා කිරිමෙන් ගොවීන්ට ආදායම් ලැබීමට හැකි වී ඇති බවද ප්‍රකාශ කළේය.






















