545වන කොවිඩ් මරණය වාර්තා වේ
මෙරට 545වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
එලෙස මියගොස් ඇත්තේ 85 හැවිරිදි බූවැලිකඩ ප්‍රදේශයේ පදිංවිව සිටි පිරිමි පුද්ගලයෙකි.
එම පුද්ගලයා මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර මාර්තු 14 වනදා මියගොස් ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.






















