සුරකිමු ගංඟා ව්‍යාපෘතිය අනුව ඔය කොටස දෙන්න බෑ – දේවානි ජයතිලක
අද (20) නයිවල ප්‍රද්ශයේ පැවති “ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී” අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
එම කමිටු රැස්වීමේදී ප්‍රදේශයේ වන සංරක්ෂණ ගැටලු සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය අදහස් පළ කරමින් සිටි අවස්ථාවේදී ය.
ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය :- “මේක 1885 මැයි 22 වනදා ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත්කරපු ලංකාවේ ප්‍රථම රක්ෂිතයක් ගම්පහ තියෙන එකම නැවුරල් කැළේ මේක විතරයි. මේ රජය අපකිරීතියට පත්වෙන්නේ මේ වගේ වැරදි තීරණ හින්දා නිලධාරීන්ගේ වැරදි තීරණ හින්දයි දේශපාලනඥයින් අපහසුතාවයට පත්වෙන්නේ.”
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා :- “කරුණාකරලා ඔය මිනිස්සුන්ට වගා කරන්න දිලා තියෙනවානම් ගැසට් කරනකොට. ඕවා ගැසට් කරපු එකත් පළමුවෙන්ම වැරදියි වනජීවි එක යටතට. දුන්න නම් වගාකරන්න දීපු මිනිස්සු වගා කරලා ඒ තැන්වල ගෙවල් හදාගෙන ජීවත්වෙන මිනිස්සු එළියට දාන්න බැහැ”.
ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය :- “සුරකිමු ගංඟා“ ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේම එකක් එතකොට ඒ අනුව ගත්තාම ඔය කෑල්ල දෙන්න බැහැ”.






















