ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට බලාපොරොත්තු වන අයට නිවේදනයක්
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක් දින සේවාව සීමාකර ඇති හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට එසේ කළයුතු බව එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වේ.
ඒ සඳහා තම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට හෝ 0115 – 226126, 0115 – 226100 යන දුරකතන අංක අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගතහැකි බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.






















