Sunday, August 16, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුම්වත්වීමක් නොතිබු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පාස්කු කොමිසමේ සාක්ෂි මගින්ද එය තහවුරු වී ඇති බවය.

අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය තුළ 2015 වසරේ සිට තම අවදානය යොමුකළ බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට අද (26) එක්වෙමින් ප්‍රකාශ කළේය.

“මේ මහා ප්‍රහාරය සිදු වුණාට පසු එදා මගේ ආණ්ඩුවෙන්ම මටත් ගහන්න ගත්තා. විපක්ෂයෙන් මට ගහන්න ගත්තා. හැම තැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ. මම මේ තොරතුරු දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නෑ කියලා. මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නෑ. එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් මම ම්ලේච්ඡයෙක් නෙමෙයි. මේ තොරතුරු මා වෙත ලබා දුන්නා නම් මේ ඛේදවාචකය වෙන්න මම ඉඩ තියන්නේ නෑ. ජනාධිපතිවරයා දැනගෙන ජනාධිපතිවරයා මගහරින කෙනෙක් කියලා කවුරුහරි කියනවා නම් ඒක කියන කෙනාගේ මොළේ අමාරුවක් තියෙන්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජර්මනියේ වෙබර් ශ්‍රී ලංකාවේ රොමේෂ්ට අභියෝග කිරීමට සැරසෙයි

2026, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය. එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 90.40කි. යුරෝපීය...

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img