Sunday, August 16, 2026
HomeNEWSආසාදිතයින් හමුවූ ප්‍රදේශ

ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොවිඩ් -19 ආසාදිතයින් 271 දෙනෙකු ඊයේ (25) දිනයේදී මෙරටින් හඳුනාගෙන තිබේ.

ඉන් 20 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු ආසාදිතයින් 251 දෙනා දිස්ත්‍රික්ක 17 කින් හඳුනාගෙන ඇත.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව සැලකියයුතු මට්ටමින් ඉහළගොස් ඇති අතර ඊයේ (25) දිනය තුළ පමණක් යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 77 දෙනෙකු හඳුනාගෙන ඇත.

දිවයිනේ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ද එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොළඹින් ආසාදිතයින් 64 දෙනෙක්, ගම්පහින් ආසාදිතයින් 27 දෙනෙක් ද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්ය.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 91,289 දෙනෙකු වන අතර ඉන් 87,881 දෙනෙකු සුවය ලබා තිබේ.

කොවිඩ් -19 ආසාදිතයින් 2851 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. 

මේ අතර ඊයේ දිනයේදි කොවිඩ් – 19 ආසාදිත මරණ තුනක් වාර්තාවීමත් සමග මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 869,000කට අධික පිරිසකට ලබාදී තිබේ.

ඊයේ (25) දිනය තුළ පමණක් පුද්ගලයින් 13,382  දෙනෙකුට එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img