Saturday, August 15, 2026
HomeNEWSකොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 19 වන දා සිට

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 19 වන දා සිට

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 19 වන දා සිට

ජනවාරි 29 වනදා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා එහි දෙවන මාත්‍රාව අප්‍රේල් මස 19 වනදා සිට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

ඒ සඳහා එන්නත් තොග වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේය.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

“ජනවාරි 29 ලැබුණ අයට අප්‍රේල් 19 ඉදලා දෙවැනි මාත්‍රාව දෙන්න අපි වැක්සින් තියාගෙන ඉන්නවා. ගැටලුවක් නෑ. ඉන්දියාවෙන් තවත් ස්ටොක් එකක් ලැබීමට නියමිතයි. මාර්තු 31 චීනයෙන් ලැබෙන එන්නත් ප්‍රමාණය ලැබෙනවා. රුසියානු ස්පුට්නික් එන්නතත් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒවා ලැබෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවකින් කියලා තියෙනවා වැඩිදෙනෙකුට පළමු වාර්තාව දෙන එක වඩා හොඳයි ටික දෙනෙකුට දෙකම දෙනවට වඩා කියලා. මොකද වැක්සින් හිඟ නිසා. ලොකු අභියෝගයක් තියෙනවා වැක්සින් ලබාගන්න. ලංකාවේ ලොකු ජනගහනයක් නැති නිසා කරගන්න පුළුවන්.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය

නඩු ප්‍රමාණය වැඩිවීම නිසා ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධානඅභියෝගයක්- අධිකරණ ඇමතිි හර්ෂණ

• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. • ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img