Saturday, August 15, 2026
HomeNEWSපේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මූල්‍ය...

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මූල්‍ය වංචාවක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍ය උපාධි ආයතනය විසින් මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වා තිබූණු ස්ථාවර තැන්පතු 14ක් 2009 ජනවාරි 01 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ අවසන් කර, ලබා ගත්  රුපියල් මිලියන 93 (රුපියල් 93,287,025) ක මුදලින්, රුපියල් මිලියන 37 ක් (රුපියල් 37,948,865) ක් පමණක් නව ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර  රුපියල් මිලියන 50 (රුපියල් 50,338,160) ක මුදලක් ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරීවරයා විසින් වංචා සහගත ලෙස පෞද්ගලිකව මුදලින් ලබාගෙන  මූල්‍ය වංචාවක් සිදු කොට තිබේ.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධ නිලධාරිවරයාගේ වැඩ තහනම් කොට ඇති අතර මේ පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් සිදු කෙරෙමින් පවතී. විශ්ව විද්‍යලය තුළ මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යලයේ පාලක සභාව මගින් විනය පරික්ෂණයක්ද සිදු කරමින් පවතින අතර අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ද අධිභාර පැනවීමක් සිදු කරන බවද පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී තවදුරටත් අනාවරණය විය.

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍ය උපාධි ආයතනයේ 2018 සහ 2019 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළබඳ විමර්ශනය කිරීම සදහා මෙම කෝප් රැස්වීම කැදවා තිබිණි.

එයට අමතරව, පේරාදෙණිය විශ්ව විද්‍යලයේ විද්‍ය පීඨයේ පුස්තකාලාධිපතිවරයා වෙත පශ්චාත් උපාධි ආයතනයේ සේවය කිරීම කිරීම වෙනුවෙන් අදාල මාසික වේතනයට අමතරව 10% ක දීමනාවක් පශ්චාත් විද්‍ය උපාධි ආයතනය මගින් අදාල අනුමැතියකින් තොරව ගෙවීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ අවධානය යොමු විය.

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍ය උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරුන් සඳහා සැතපුම් කුලී හා ගමන් වියදම් ගෙවීමේදී අදාළ චක්‍රලේඛ විධිවිධානවලට අනුව කටයුතු කර තිබේද යන්න පිළිබඳවද කෝප් කමිටුව මෙහිදී නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

භාණ්ඩාගාරයේ නිසි අනුමැතියකින් තොරව පශ්චාත් විද්‍ය උපාධි ආයතනයේ කළමණාකරණ මණ්ඩලයේ අනුමැතිය පමණක් ලබාගෙන ආයතනයේ සමායෝජක දීමනා සහ ගෞරව දීමනා ගෙවීම සම්බන්ධව ද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරිනි.

එවකට යෝජිත බදුල්ල-මහනුවර අධිවේගී මාර්ගය තැනීමේදී පශ්චාත් විද්‍ය උපාධි ආයතනයට සිදු වන පාරිසරික බලපෑම පිළිබඳ ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් රුපියල් 6,386,200ක මුදලක් අදාල ව්‍යාපෘතිය වෙත ගෙවා ඇතත් එම වාර්තාව ඉදිරිපත් කර නොතිබීම සම්බන්ධව මෙහිදී කෝප් කමිටුව කරුණු විමසා සිටියේය.

ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘති 04ක ගිවිසුම් කාලය තුළ පර්යේෂණ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වීම සහ මිලියන 36 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 07ක් භෞතික ප්‍රගතිය පිළිබඳ වාර්තා හෝ අවසන් ප්‍රගති වාර්තා ඉදිරිපත් නොකොට අතරමග නැවතී තිබීමට හේතු කවරේද යන්න පිළිබඳව කෝප් කමිටුව සිය අවධානය යොමු කළේය. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ ඒම අවශ්‍යතාවන් මේ වන විට සම්පූර්ණ කොට ඇති බවයි.

විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පර්යේෂණ හා ශිෂ්‍යත්ව පහසුකම් ලබාදීම සඳහා ආරම්භ කර ඇති පර්යේෂණ හා ශිෂ්‍යත්ව අරමුදලෙන් 2019 වර්ෂය තුළදී කිසිදු වියදමක් දරා නොතිබූ අතර වර්ෂය අවසන් වන විට ඒම මුදලේ රුපියල් 8,038,458ක ශේෂ වීම පිළිබඳවද කෝප් කමිටුව සිය අවධානය යොමු කළේය.මෙහිදී පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා පැවසූයේ මේ වන විට සුදුසු ශිෂ්‍යත්වලාභීන් තෝරාගෙන 12 දෙනෙක් සඳහා ශිෂ්‍යත්ව ලබා දී ඇති බවයි.

මෙම පශ්චාද් උපාධි ආයතනවල විගණන කටයුතු සඳහා විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර විගණන අංශය මත රඳා පවතිනවාට වඩා වෙනම ම අභ්‍යන්තර විගණකවරයෙක් පත් කර ගැනීම යෝග්‍ය බවට කෝප් කමිටුව නිර්දේශ කළේය.

එයට අමතරව රටපුරා පවතින පශ්චාත් උපාධි ආයතන 09 ම පරිපාලන කටයුතු සම්බන්ධව උපකමිටුවක් පත්කොට ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් මාස 06ක් ඇතුලත ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව  අධ්‍යාපන හා උසස් අධ්‍යපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උප‍දෙස් ලබා දුන්නේය.

මෙම රැස්වීමට කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්,රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රෙමජයන්ත, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේම්නාත් සී.දොළවත්ත සහ අධ්‍යාපන හා උසස් අධ්‍යපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග,පේරාදෙණිය විශව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය

නඩු ප්‍රමාණය වැඩිවීම නිසා ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධානඅභියෝගයක්- අධිකරණ ඇමතිි හර්ෂණ

• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. • ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා...

ජනපති ප්‍රමුඛ මාලිමාව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනය කරනවා- විපක්ෂ නායක සජිත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාව ගරු අධිකරණයේ ස්වාධීනත්වය සමූළ ඝාතනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ගරු අධිකරනයේ ස්වාධීනත්වය සමූල ඝාතනයට ලක්...

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්… ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැහැ

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රිච්ටර් මාපාංක 7.7 ක ප්‍රබල භූ කම්පනයක්. ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැහැ:...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img