Friday, October 23, 2026
HomeNEWS“හරිත” රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනපති ප්‍රධානත්වවයන්...

“හරිත” රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනපති ප්‍රධානත්වවයන්…

“හරිත”  රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ.

කෘෂිකර්මාන්තයෙන් පෝෂිත මෙරට අතීත සෞභාග්‍යය යළි උදාකරණු පිණිස  ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂි ආර්ථිකයකට මග පෙන්වීම නාලිකාවේ ප්‍රධාන අරමුණයි. 

කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම, නව කෘෂි තාක්ෂණවේදීය ක්‍රම සහ පුරාතනයේ පැවති උසස් කෘෂි තාක්ෂණික විධි නැවත ස්ථාපනය කිරීම, පාරිසරික සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම, වාරි හා ධීවර කර්මාන්ත ඇතුළු සෑම ක්ෂේත්‍රයන්ගෙන්ම ජනතාව දැනුමින් පෝෂණය කිරීම හරිත ටීවී තුළ අන්තර්ගත මූලික සංකල්ප වේ.

“හෙළවත්, හරවත්, හිතවත්” යන්න එහි තේමාවයි. “හරිත” රූපවාහිනී නාලිකාව ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාව විසින් නිර්මාණය කොට ඇත. 

සෙත් පිරිත් සඡ්ජායනය මධ්‍යයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රූපවාහිනී මංගල විකාශය ආරම්භ විය.

ජනාධිපතිතුමා අතින් හරිත වෙබ් අඩවිය (www.harithatv.com) සහ තේමා ගීතය එළිදැක්විණ.

පැළ බෙදාදීම සංකේතවත් කරමින් පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ ජනාධිපතිතුමා වෙත පැළයක් පිරිනැමූහ.

ඩයලොග් නාලික අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ “හරිත” රූපවාහිනිය  ජනතාවට නැරඹිය හැකිය.

මහානායක, අනුනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරු, මැති ඇමතිවරු, තානාපතිවරු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ රාජ්‍ය නිලධාරීහූ, ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්

පාකිස්ථාන තුන්කොන් තරගාවලිය. ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්‍රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම) එංගලන්තය:429/4,ශ්‍රී ලංකාව:430/8 (49.5) එංගලන්තය සමඟ...

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු, පොලිසිය එම ස්ථානයෙන්...

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබා දෙමින්, රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන...

බොරු චෝදනා දාලා නඩු දාන අයට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා- නාමල් රාජපක්ෂ

අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img