Saturday, August 15, 2026
HomeNEWSවස පොල්තෙල් මිනිස්සුන්ට කවනකම් ආණ්ඩුව මර නින්දේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ...

වස පොල්තෙල් මිනිස්සුන්ට කවනකම් ආණ්ඩුව මර නින්දේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට ඊයේ(30) එක්වෙමින් කාකදූපතේදී විශේෂ ප්‍රකාශයක් කරයි.

හොරපාරෙන් පිටකරපු පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවේදී අත් අඩංගුවට ගෙන ඇති බවත් ජනතාව  ගිය අවුරුදු සැමරුවේ කොරෝනා එක්ක වන අතර මෙදා වස පොල්තෙල් එක්ක සමරන්නට වී ඇති බවත් ඒ මහතා කීය.

 “අපි දන්නවා හොඳ ආකාරයෙන් දැන් පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපොළට නිකුත් වෙලා මේ වන විට මේ රටේ ජනතාවගේ නිවෙස් කරාත් ගිහිල්ලා තියෙනවා.  වස විස අඩංගු පොල්තෙල්, පොල්තෙල් ආදේශක අපේ රටට ගෙනාවේ කොහොමද ? කවුද මේවා ගෙන එන්නට අවසරය ලබා දුන්නේ? දැන දැනත් පරීක්ෂණවලදී ඔප්පු  වෙනකොට වස විස අඩංගු පොල්තෙල් තිබෙනවා කියලා ඒවා සමාගම්වල ගුදම් වල නිකුත් කරලා ,වෙළඳපොළට නිකුත් කරනකම්, මම අහන්න කැමතියි රේගුව මොකක්ද කළේ ?  ප්‍රමිති ආයතනය මොකක්ද කළේ ? සෞඛ්‍ය නිලධාරීන්ට පින්සිද්ද වෙන්න මේ ගැටලුව හෙළිදරව් වුණා. සෞඛ්‍ය නිලධාරීන් තමයි පෙන්නුම් කළේ වස විස අඩංගු පොල්තෙල් අපේ රටට ගෙන්නුවා කියන කාරණාව. ප්‍රමිතිකරණ ආයතනය මේක හංගන්න හැදුවා. පිරිපහදු කරලා නැවතත් වරක් පරික්ෂා කරල නරක දේ හොඳ කරලා වෙළඳ පොලට නිකුත් කරන්නට උත්සාහ දැරුවා. රේගු ආයතනයත් වැරදි ආකාරයට කටයුතු කරලා තිබෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙනකන්  ආණ්ඩුව නිදාගෙන ඉඳලා තියෙන්නේ. වෙළෙඳ ඇමැතිවරයා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැලු. වෙළඳපොළට නිකුත් වෙලා නැහැ ලු. මිත්‍රවරුනි බවුසර්  දෙහෙක පොල් තෙල් අහු වෙලා තිබෙනවා දංකොටුව ප්‍රදේශයේ. හොරෙන් වෙළඳපොළට නිකුත් කරන්නට යෙදුණු පොල් තෙල්. මං අහන්න කැමති‍යි වෙළඳ ඇමතිවරයාගෙන්, වස විස අඩංගු පොල්තෙල් පොදු ජනතාවට නිකුත් කරනකොට ඇයි නිහඬව බලා සිටියේ?  ඇයි කරබාගෙන හිටියේ ? පරීක්ෂණ වලදී පිලිකාකාරක පොල්තෙල් කියලා දැන දැනත් ,අපිත් දේශපාලකයින් හැටියට මේ මහා හොරකම වංචාව එළිදරව් කරන කොට ඒවා දැන දැනත් ඇයි වෙළෙඳ ඇමැතිවරයා කිව්වේ ජනතාවයි වගකීම භාර ගන්න ඕනේ කියලා. ජනතාවට පරීක්ෂණ කරන්නට ඕන කියලා. දැන් ඔහු කිව්වා වෙළඳපොළට වස විස අඩංගු පොල්තෙල් නිකුත් වෙලා නැහැ කියලා. දංකොටුව ප්‍රදේශයේ  බවුසර් දෙකක් ම අහු වෙලා තිබෙනවා මේ වස විස අඩංගු පොල්තෙල්. හොර පාරේ ගෙනියන්න හදපු පොල්තෙල්. aflatoxin කියන පිළිකා කාරකය අඩංගු පොල්තෙල්. අපිට දැනගන්න කැමතියි රටේ ජනතාවගේ ජීවිත විනාශ කරන පොල්තෙල් වෙළඳපොළට නිකුත් කරන්නට ගත්තු අල්ලස කොපමණද ? ඩොලර් කෝටි කීයක් ගත්තද ? හොරකම දැක දැක ත් වගකිවයුතු නිලධාරීන් නිහඬව හිටියේ ඇයි ? ඇමතිවරයා ඇතුළු මේ ආණ්ඩුව කොම්පනි කාරයින්ට යට වෙලාද? සල්ලිකාරයින්ට යට වෙලා ද ? ගිය අවුරුද්ද සැමරුවේ කොරෝනා එක්ක . මෙදා පාර කොරෝනා විතරක් නෙවෙයි වස විස අඩංගු පොල්තෙල් දූෂණයත් එක්ක තමයි අලුත් අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නේ. අලුත් අවුරුද්දේ  තමන්ගේ අලුත් අවුරුදු වැඩකටයුතු සියල්ලක්ම ක්‍රියාත්මක කරන්න වෙලා තිබෙන්නේ තමන් කන ආහාර පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් හිතේ තබාගෙන. පිලිකාකාරක පොල්තෙල් අනුභව කරනවා ද නැද්ද කියන ඒ මහා චකිතය මත තමයි මේ රටේ ජනතාවට අලුත් අවුරුද්ද සමරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. මේක ද වියත් ආණ්ඩුව ? මේක ද රටට ලබා දෙනවා කියපු ශක්තිමත් පාලනය ? මේකද  හදනවා කියපු සිස්ටම් එක ? දැන් මොකද්ද සිස්ටම් එකට වෙලා තියෙන්නෙ ? සිස්ටම් එකත් ෆේල් ,ආණ්ඩුවත් ෆේල් ,ඇමතිවරුනුත් ෆේල් , කනගාටුවෙන් හෝ කියන්නට ඕන රේගුවත් ෆේල් , ප්‍රමිති කරන ආයතනයත් ෆේල් , පාස් වෙලා  තියෙන්නේ රටේ ජනතාව ආරක්ෂා කරන්නට ඇත්ත කතා කරපු සෞඛ්‍ය බලධාරීන් පමණයි. සෞඛ්‍ය නිලධාරීන් පමණයි මේ රටේ ජනතාවගේ ජීවිත ගැන හිතලා ඇත්ත කතා කරලා තිබෙන්නේ. අනිත් අය රටේ ජනතාවගේ ජීවිත අමතක කරලා රුපියල් සත වලට යටත් වෙලා. කෝටි ගණන් මුදල් වලට යටත් වෙලා. ප්‍රකෝටි ගණන් ඩොලර් වලට යටත් වෙලා. බොහොම කණගාටුදායකයි තත්ත්වය. මම පැහැදිලිව කියනවා මේ පොල් තෙල් ජාවාරම පොල් තෙල්  හොරකම අද ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙලා. රටේ ජනතාවට හිතාමතාම පිළිකාකාරක aflatoxin තිබෙන පොල්තෙල් නිකුත් කරනවා නම් මම කියනවා ජාතික ආරක්ෂාවට ඒක ප්‍රශ්නයක්. අද ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ ත්‍රස්තවාදය ටත් වැඩිය මේ ආණ්ඩුවේ සමහර බලවතුන්ගේ ක්‍රියාකාරකම්. දැන දැන සල්ලි වලට මේ රටේ ජනතාව බිලිදෙන ,ඉතාමත්ම පහත් ,කුහක ,සල්ලි වලට මුල්තැන ලබා දෙන රජයක් තමයි අද රට පාලනය කරන්නේ. අපි පැහැදිලිවම කියන්න කැමතියි මේ රටේ ජීවිත වලට මේ ආණ්ඩුව වග කියන්නට ඕන. මේ පොල්තෙල් ප්‍රශ්නය ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්. මේ ආණ්ඩුව වග කියන්නට ඕන පමණක් නොවේ , බැරි වෙලාවත් මේ පිළිකාකාරක නිසා ජනතාව විපතට පත් වුනොත් සත්‍ය වශයෙන්ම මේක මිනී මරන ආණ්ඩුවක් බවට පත්වෙනවා. ජනතා ඝාතක ආණ්ඩුවක් බවට පත්වෙනවා. රටේ ජනතාවගේ ජාතික ආරක්ෂාව විනාශ කරපු ආණ්ඩුවක් බවට පත්වෙනවා. ආණ්ඩුවට මතක් කරන්න කැමතියි ආණ්ඩුවල වගකීම ජනතාව විනාශ කිරීම නොව ජනතාව ජීවත් කරවීමයි. අපි පැහැදිලිවම කියනවා සමගි ජන බලවේගය මේ රටේ පොදු මහජනතාව ජීවත් කරන්නට සිටිනවා පමණක් නොවෙයි ,අනිවාර්යයෙන්ම මේ නින්දිත පහත් පොල්තෙල් දූෂණයට වංචාවට කුමන්ත්‍රනයට සම්බන්ධ සියලුම දෙනාව අධිකරණය හමුවට ගෙන ඇවිල්ලා ඒ අයට යුක්තිය සාධාරණය නීතිය ක්‍රියාත්මක වෙනකන් අපි පැහැදිලිවම මේ ප්‍රශ්නය පිළිබඳව කතා කරනවා විතරක් නෙවෙයි රටේ ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා වන ආකාරයට අපි ප්‍රජාතන්ත්‍රවාදී වීදි සටනක නියැළෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්… ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැහැ

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රිච්ටර් මාපාංක 7.7 ක ප්‍රබල භූ කම්පනයක්. ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැහැ:...

සමුපකාර ව්‍යාපාරය සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි-ජනපති

සමුපකාර ව්‍යාපාරය වෙළෙඳපොළ තුළ සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී...

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img