ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාරදෙයි…
ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙනුලැබිණ.
ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝරටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශාල ගැටලුවකි. නිසිලෙස කළමනාකරණය නොකරන ලද ඝණ අපද්‍රව්‍ය නිසාපරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍යපසට එකතුවීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇතිකරයි.
කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊටවිසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස්පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්පසුගිය ජූලි මස පත් කරනු ලැබීය. ඉංජිනේරු රොහාන්සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා විය.
කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව රොහාන්සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමාට භාර දෙනු ලැබීය.
විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනබව රාජපක්ෂ මැතිතුමා පැවසීය.
වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමකනිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරිණ.
කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධකපිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ජනතා විරෝධතාඇතිවූ බව පැවසූ ජනාධිපතිතුමා මැසි මදුරු උවදුරමෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කමඅවධාරණය කළේය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, මහින්දඅමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රොෂාන්රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරයන මහත්වරු, රාජ්‍ය නිලධාරීහූ සහ විශේෂඥ කමිටුසාමාජිකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වසිටියහ.






















