Friday, August 14, 2026
HomeNEWSතවත් කොවිඩ් ප්‍රභේදයක් මෙරටින් හඳුනාගනී

තවත් කොවිඩ් ප්‍රභේදයක් මෙරටින් හඳුනාගනී

තවත් කොවිඩ් ප්‍රභේදයක් මෙරටින් හඳුනාගනී

ඩෙන්මාර්කයේ ඇති කොවිඩ් වෛරස් ප්‍රභේදය සහිත රෝගීන් තිදෙනෙකු කොළඹ ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇති බව අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

මෙරට තුළ පවතින කොවිඩ් වෛරසයේ ජාන ප්‍රභේද සම්බන්ධයෙන් මාර්තු මාසයට අදාළව සිදුකරන ලද පරීක්ෂණ හරහා මේ බව තහවුරු වී තිබේ.

කොවිඩ් ආසාදිතයින් 55 දෙනෙකුගේ සාම්පල යොදා ගනිමින් මෙම පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් 36 දෙනෙකුම ශ්‍රී ලංකාවට ආවේනික B.1.411 වෛරස ප්‍රභේදය සහිත ආසාදිතයින් බව තහවුරු වී ඇත.

ඒ අනුව B.117 එංගලන්ත ප්‍රභේදය සහිත ආසාදිතයින් 7 දෙනෙක්, B.1.351 නමින් හඳුන්වන දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය සහිත දෙදෙනෙක් හා ඩෙන්මාකයේ ඇති වෛරස් ප්‍රභේදය සහිත තිදෙනෙකු මෙම පරීක්ෂණය මගින් හඳුනාගැණුනි.

අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ, 

“B1 428 කියන ඩෙන්මාර්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් වෛරස් ප්‍රභේදය ඇති රෝගීන් 3 දෙනෙකු කොළඹ ආශ්‍රිතව හඳුනාගෙන තිබෙනවා. ප්‍රබල ලෙස පැතිරුණු එකක් නෙමෙයි. ඒ සම්බන්ධයෙන් අපි කොළඹ මහනගර සභාව දැනුවත් කරලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක්

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පැයකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img