Friday, August 7, 2026
HomeNEWSකෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කර තිබු ගොඩනැගිල්ල නැවත භාරදීමට බදුකරුගෙන් බාධා -ඇමති කියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කර තිබු ගොඩනැගිල්ල නැවත භාරදීමට බදුකරුගෙන් බාධා -ඇමති කියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කර තිබූ රාජගිරියේ පිහිටි සුපිරි ගොඩනැගිල්ලේ බදු දීමනාකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ ඔහු රජයේ ආරක්ෂක තැන්පතුව යළි ලබාදීම පැහැරහැරීමට එරෙහිවය.

එම සුපිරි ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා රජය අධික මාසික කුලියකට ලබාගෙන තිබුණේ 2016 වසරේදීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරියේ ඩී.පී.ජේ ගොඩනැගිල්ල ඉකුත් යහපාලන ආණ්ඩුව විසින් බදු පදනම මත ලබාගෙන තිබුණේ රුපියල් දෙකෝටි දස ලක්ෂයක මාසික කුලියකටයි.

එහෙත් අමාත්‍යංශයක් පවත්වාගෙන යාම සඳහා එවන් අධික වියදමක් දැරීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක විරෝධය එල්ලවීමත් සමඟ ගොඩනැගිල්ලෙන් අමාත්‍යංශය ඉවත් කරනු ලැබීය.

බදු ගිවිසුමට අනුව අප්‍රේල්  07 වැනි දින ගොඩනැගිල්ල යළි භාරදීමට නියමිතව තිබුණත් අද අනාවරණ වූයේ එහි ආරක්ෂක තැන්පතුව ලෙස ගෙවා ඇති රුපියල් හයකෝටි තිස් ලක්ෂයක මුදල යළි ලබාගැනීමේ කාර්යයට ගොඩනැගිල්ලේ බදු දීමනාකරු බාධා සිදුකරන බවය. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා මේ පිළිබඳ ව කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තිබේ. 

මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

“අප්‍රේල් මස  10 වන දා වන විට මේ ගොඩනැගිල්ල අපි බදුකරුට භාරදීමට නියමිතව තියෙනවා. අපි මේ ගොඩනැගිලිවල උපකරණ අයින් කරන්න දෙනකොට බදුකරු විසින් අපිට ඇතුළු වෙන්න දෙන්නේ නෑ. ඒ අනුව අපි රාජගිරිය පොලීසියට පැමිණිල්ලක් කරා. මොහු විසින් අපිට ඇතුළු වෙන්න දෙන්නේ නෑ. අපිට භාණ්ඩ ගන්න දෙන්නේ නෑ කියලා. ඒ නිසා බදුකරු උත්සහ කරන්නේ රු මි 63ක ඇපකර නොදී ඉන්න. ඒ අනුව අපි මේ පිළිබඳව CID එකට පැමිණිල්ලක් කරා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර...

බන්ධනාගාරවල නියම තත්ත්වය ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

බන්ධනාගාරවල ඇති තිබෙන ගැටුම්කාරී තත්ත්වය ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බන්ධනාගාර අමාත්‍යවරයා විසින් මේ වන විට...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.22 වන සංශෝධනය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5)...

රනිල්, නාමල්, දිලිත් හමුවක්… කතා කළේ මොනවාද?

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා භූතාන සංචාරය සාර්ථකව නිමකර ලංකාවට පැමිණියේ ගිය ඉරිදාය.ඔහුට සඳුදා විශේෂ මංගල උත්සවයකට සහභාගී වීමට නියමිතව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img