Thursday, September 24, 2026
HomeNEWSගනේමුල්ල සංජීව ඇතුළු 11ක් නිදහස් කිරීමට අධිකරණයෙන් නියෝගයක්

ගනේමුල්ල සංජීව ඇතුළු 11ක් නිදහස් කිරීමට අධිකරණයෙන් නියෝගයක්

එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් අවි ආයුධ පාතාල කණ්ඩායම්වලට අලෙවි කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (12) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික.සී.රාගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසය කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔවුන් මුදා හරින ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවය.

එහිදී අදාළ සැකකරුවන් 11දෙනෙකු මුදාහරින ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එය පිළිගත් මහෙස්ත්‍රාත්වරයා ඔවුන් මුදාහැරීමට නියෝග කර තිබේ.

කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව “අද දෙරණ“ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img