එළබෙන බදාදා (14) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි .
අද (12) දිනයේ නව සඳ නොපෙනුන බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඉස්ලාමීය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆිතර් දිනය, රාමසාන් දිනය ලෙස හඳුන්වනු ලැබේ.
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා වීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ඇරඹෙනු ඇති.






















