උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා මේ වන විටත් ජනතාව සුදානම් වෙමින් සිටී.
කෙසේ වෙතත් මෙවර අලුත් අවුරුදු සමයේ කොවිඩ් – 19 වෛරසය පාලනයට පනවා ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළහොත් කනගාටුදායක තත්ත්වයක් උද්ගත විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.
රාශි චක්‍රයේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව ලෙසින් සැලකෙන අතර සුබ නැකැත්වලට අනුව චාරිත්රවාරිත්ර ඉටුකිරීම අතීතයේ පටන් පැවති සම්ප්රදාය වේ.
පසුගිය වසරේදී මෙරට ජනතාවට අලුත් අවුරුද්ද සුපුරුදු පරිදි සැමරීමේ අවස්ථාව අහිමිවූයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට රට තුළ සංක්‍රමණ සීමා පනවා තිබීම නිසාය.
නමුත් මෙවර නව සාමාන්‍යකරණය යටතේ ජනතාවට අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව හිමි වී තිබේ.
ඒ අනුව ජනතාව ඇඳුම් පැළඳුම්, බඩුබාහිරාදිය මිල දී ගැනීම සඳහා සාප්පු සංකීර්ණ හා වෙළෙඳසැල්වලට රැස්ව සිටියේය.
කෙසේ වෙතත් මෙලෙස ජනතාව අසීමිත ලෙස එක්රොක්වීම එතරම් සුදුසු තත්ත්වයක් නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, “අපිට පේන්න තියෙන්නේ වීදි පුරා මහජනතාව අසාමාන්‍ය විදියට රැස්වෙලා ඉන්නවා. සමාජ දුරස්ථභාවය නොතකමින් කටයුතු කරනවා. අප්‍රේල් මාසයේ අවසානයේ දී සහ මැයි මාසයේ මුල භාගයේ දී වගකීමෙන් තොරව හැසිරෙන ජනතාවට නිරෝධායනය වෙන්න සිදුවෙනවා කියන එක නම් ඉතාම පැහැදිලි.” යනුවෙනි.
වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ වෛරසය පැතිරයාමට එක රෝගියෙක් පමණක් සිටීමත් ප්‍රමානවත් බවය.
මේ අතර, ජනශ්රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතා පැවසුවේ වසංගත රෝග ව්‍යාප්තියක් පවතින වාතාවරණයක අලුත් අවුරුදු සැමරීම් සීමාකිරීම අතීතයේ ද මුතුන්මිත්තන් අනුගමනය කළ පිළිවෙතක් බවය.






















