දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක් ධාවනය කළ එහි රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය විසින් එම පුද්ගලයා ව ඊයේ (12) දිනයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
සැකකරු අකුරණ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.
කෙසේවෙතත් මෝටර් රථයෙන් පිටතට ශරීරය දමමින් එහි ගමන් ගත් තවත් පුද්ගලයින් සිව්දෙනෙක් පිළිබඳ තොරතුරු ලබාගෙන ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අදාළ මෝටර් රථයේ ප්‍රථම ලියාපදිංචි හිමිකරු හා දෙවැනි වරට ලබාගත් හිමිකරු සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.






















