Monday, September 21, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු මෙන්ම එජාප නියෝජ්‍ය...

පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු මෙන්ම එජාප නියෝජ්‍ය නායකයාද වූ සජිත් ප්‍රහාරයේ මහ මොළකරුවන් සැගවීමට ආණ්ඩුව උත්සාහ දරන බවට කරන චෝදනාව විහිළුවක්.

පාස්කු ප්‍රහාරය සිදුවන විට යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාව සිටි වත්මන් විපක්ෂනායකවරයා වන සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සැගවීමට ආණ්ඩුව උත්සාහ දරන බවට චෝදනා කිරීම තරම් තවත් විහිළුවක් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සැගවීමට උත්සාහ දැරැවේ පසුගිය යහපාලන ආණ්ඩුව බවත්, එහි ප්‍රබල සාමාජිකයෙකු වූ වත්මන් විපක්ෂ නායකවරයා ද ඊට වගකිව යුතු බවත් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සැගවීමට වත්මන් ආණ්ඩුව උක්සාහ දරණ බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති ප්‍රකාශයක්  සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. 

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව සැලසීම සෑම රජයකම පරම වගකීම බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න මහතා යහපාලන රජය එය පැහැර හැරිය බවත් ඊට යහපාලන ආණ්ඩුවේ ඉහළ සිට පහළ දක්වා සියළු දෙනා වගකිව යුතු බවත් පෙන්වා දෙයි. යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා උදව් කළ දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ වලට ද මෙම වගකීමෙන් ගැළවිය නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි. 

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබදව සොයා බැලීම සදහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළේ හිටපු ජනාධිපතිවරයායි. ඊට අමතරව පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබද ආංශීක කමිටුව ද මේ පිළිබද ව වෙනම විමර්ෂණයක් සිදු කළේය. ඊට අමතරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කර තිබුණි. මෙම විමර්ෂණයන් පිළිබද ව සෑහිමකට පත් නොවන  බව පවසන ඇමතිවරයා යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ  වගකිව යුත්තන් ඉන් ගළවා ගැනීමට මෙම පරික්ෂණ උපයෝගී කර ගත් බවට චෝදනා නැගී ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි. 

සජිත් ප්‍රේමදාස වත්මන් විපක්ෂනායකවරයා පාස්කු ප්‍රහාරය සිදුවන විටත් ඉන්පසු අදාළ විමර්ෂණ සිදු කෙරෙන විටත් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිධූරයක් දැරු අතර ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා ලෙස ද කටයුතු කළේය. පාස්කු ප්‍රහාරයට එරෙහිව හෝ එහි විමර්ෂණ සම්බන්ධයෙන්  යහපාලන ආණ්ඩුව තුළ ප්‍රේමදාස මහතා  කිසිදු හඩක් නැගූවේ නැත. ඔහු ඒ සම්බන්ධයෙන් මුණිවත රැක්කේය. එදා පාස්කු ප්‍රහාරයෙන් පසුව විමර්ෂණ නිසි ලෙස සිදු නොවෙද්දී එය නිවැරිදි කර ගැනීමට එවකට වගකිව යුතු ඇමතිවරයෙකු ලෙස ප්‍රේමදාස මහතා කටයුතු නොකළ බව ද රණතුංග මහතා පෙන්වා දෙයි. එදා නිහඩව සිටි වත්මන් විපක්ෂ නායකවරයා අද පාස්කු ප්‍රහාරයෙන් කිඹුල් කදුළු හෙළන්නේ ඇයිදැයි රටේ ජනතාව වටහා ගත යුතු බව ද ඇමතිවරයා කියයි. 

පාස්කු කොමිසමේ නිර්දේශ මේ වන විට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇති ආයතන වෙත යොමු කර තිබේ. නීතිපති දෙපාර්තුමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තුමේන්තුව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇත. නීතිය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නොමැති නම් නව නීති පණවා හෝ පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඩුවම් දීම රජයේ අපේක්ෂාව බව අවධාරණය කරන ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවශ්‍ය නම් ඒ සදහා වෙනම ආයතනයක් පිහිටුවීමට හෝ ආණ්ඩුව පසුබට නොවන බව ද පෙන්වා දෙයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු යහපාලන නඩයේ අවශ්‍යතාවය වී ඇත්තේ ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමයි. ඒ සදහා ඔවුන් හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටී. යාපනය නගරාධිපතිවරා අත්අඩංගුවට ගැනීම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙලිදරව් වීම යටගැසීමෙන් ක්‍රමන්ත්‍රණයක් බවට ඔහු කරන ප්‍රකාශය ද එවැන්නනකි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිය යුත්තන් ආරක්ෂා කිරිමට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් සැදී වත්මන් ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. ඒ නිසා විපක්ෂයේ බොරුවලට නොරැවටෙන්නයැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා කියා සිටී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img