පොතුහැර, බෝයගනේ ප්‍රදේශයේ දී පුතෙකු විසින් සිය පියාගේ ගෙල සිරකර ඝාතනය කර තිබේ.
මියගොස් ඇත්තේ 65 හැවිරිදි බෝයගනේ පදිචිකරුවෙකි.
ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොතුහැර පොලීසියේ ප්‍රකාශයෙකු පැවසුවේ පුද්ගලික ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවය.
මේ අතර, පසුගිය පැය 24ක කාලය තුළදී තවත් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
තිස්සමහාරාමය, සඳගිරිගම ප්‍රදේශයේ 48 හැවිරිදි කාන්තාවක් ඊයේ පොලු පහරකට ලක්වී මියගොස් තිබුණි.
පොලීසිය පැවසුවේ සැකකරු ඇයගේ අනියම් සැමියා බවය.
මේ අතර හිදෝගම, හිනාබෝවාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ 45 හැවිරිදි හිදෝගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අනුරාධපුරය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






















