Wednesday, September 23, 2026
HomeNEWSකුරුණෑගලින් ආසාදිතයින් 33ක්

කුරුණෑගලින් ආසාදිතයින් 33ක්

කුරුණෑගලින් ආසාදිතයින් 33ක්

කොවිඩ් -19 ආසාදිතයින් 212 දෙනෙකු ඊයේ (15) දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඉන් 45 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් ය.

පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 153 දෙනෙකු ද ඒ අතර වේ.

ඊට අමතරව බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 14 දෙනෙකු ද ඊයේ දිනයේ නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් 167 දෙනෙකු දිස්ත්‍රික්ක 13 කින් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 33 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 දෙදෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31 දෙනෙකු ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්ය.

සෙසු ආසාදිතයින් 71 දෙනා දිස්ත්‍රික්ක 10 කින් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 95,949 දක්වා ඉහළගොස් තිබේ.

ඉන් 92,308 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

තවත් රෝගීන් 3,033 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img