Tuesday, September 22, 2026
HomeNEWSදින දෙකක් තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 30ක්

දින දෙකක් තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 30ක්

දින දෙකක් තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 30ක්

ගත වූ පැය 48 ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉන් මරණ 8ක් ඊයේ (15) වු අනතුරු හේතුවෙන් සිදුව ඇති බවය.

පසුගිය පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 16ක් වාර්තා වී තිබේ.

ලංකාවේ රිය අනතුරු වැඩිම දින දෙක ලෙස අප්‍රේල් 14 සහ 15 හැඳින්විය හැකි බවත් පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අප්‍රේල් 14 වන දින රිය අනතුරුවලින් මරණ 14ක් වාර්තා වු බවත් පැවසීය.

ඒ අනුව පැය 48ක කාලය තුළ ජීවිත 30ක් පමණ අහිමිව ඇති බවත් ඉන් 12 දෙනෙකුම යතුරුපැදිකරුවන් වන බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අද දිනයේ දී විශේෂ මෙහෙයුමක් රථ වාහන සම්බන්ධයෙන් ක්‍රියාත්මක බව ද කියා සිටියේය.

මේ අතර, මඩගල්ල – මහව මාර්ගයේ තලංගෙදර ප්‍රදේශයේ යතුරුපැදි දෙකක් ගැටී සිදුවු අනතුරකින් 52 හැවිරිදි පොල්පිතිගම ලිපිනයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇඹිලිපිටිය – නෝනාගම මාර්ගයේ සිදුවු තවත් යතුරුපැදි අනතුරකින් 24 හැවිරිදි බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

කොළඹ – මහනුවර මාර්ගයේ බටපොතැල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් ඉදිරියෙන් ගමන්ගත් රථවාහන කිහිපයකට ඉස්සර කිරීමට යෑමේ දී ඉදිරියෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් 28 හැවිරිදි අරනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර නිට්ටඹුවේ වල්ලම්මුල්ල – උණගහදෙණිය මාර්ගයේ රුග්ගහවිල හංදියේ දී යතුරුපැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් සිදුවු අනතුරින් 51 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් ඇත.

හලාවත – මීගමුව මාර්ගයේ පෙරියමුල්ල ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගය හරහා ගමන් ගත් ට්‍රයිසිකලයක ගැටී සිදුවු අනතුරකින් 63 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img