Saturday, August 1, 2026
HomeNEWSතවත් අයිස් මත්‍ද්‍රව්‍ය තොගයක් අල්ලයි

තවත් අයිස් මත්‍ද්‍රව්‍ය තොගයක් අල්ලයි

තවත් අයිස් මත්‍ද්‍රව්‍ය තොගයක් අල්ලයි

වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2.433 ක් සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) සිදුකළ මෙහෙයුමකින් අනතුරුව 27 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අප්‍රේල් 10 වන දින වත්තල ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 113 ක් හෙරොයින් ග්‍රෑම් 101ක් සොයාගනු ලැබීය.

අනතුරුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව ඊට පසු දින ජා ඇළ ප්‍රදේශයේ දී තවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 15ක්, සැකකරුවන් සිව්දෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

පසුව එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව අප්‍රේල් 12 වන දින  සපුගස්කන්ද, රත්ගහවත්ත ප්‍රදේශයේ දී අයිස් කිලෝ ග්‍රෑම් 110ක් හා සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව ඊයේ දිනයේ දී වත්තල දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 11ක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සොයාගෙන ඇති මුළු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 128කට ආසන්න බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුමේෂ් තරංගට හෙල්ල විසි කිරීමෙි ඉසව්වේන් රන් පදක්කම

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2026: ශ්‍රී ලංකාවෙි රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී. දක්ෂතාව මීටර 89.75 ක්.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img