Wednesday, September 23, 2026
HomeNEWSමාර්ගගත ලොතරැයියෙන් මහපොළ භාර අරමුදලට රුපියල් මිලියන 673ක් අහිමි වෙයි

මාර්ගගත ලොතරැයියෙන් මහපොළ භාර අරමුදලට රුපියල් මිලියන 673ක් අහිමි වෙයි

මහපොළ  භාරකාර  අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු  හරහා අලෙවිකිරීම හේතුවෙන් එම පුද්ගලයා  එමගින් උපයාගත් රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.

එය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙසට වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් ජේ. එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දුන්නේය.

ඒ මහතා මෙම දැනුම්දීම කළේ පසුගිය 08 වනදා කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

තවද, මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින පාලිත සමාගම්හි  සුරැකුම්පත් ගණුදෙනු තුළින් ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්‍රතිලාභ නොලැබීම හේතුවෙන් 2015/2016 වර්ෂවලදී රු.මි. 18ක් හා රු. මි. 102 අලාභයක්ද, 2017 වර්ෂයේ නැෂනල් වෙල්ත් සංස්ථාව හි ආයෝජන උපයෝගී කොට ගෙන කළ ප්‍රතිමිළදී ගැනීම්වල ගණුදෙනු තුළ රු. මිලියන 13ක අලාභයක් සිදුවී තිබෙන බවද පෙන්වා දුන් කෝප් කමිටුව මෙම අක්‍රමිකතා හේතුවෙන් අරමුදලට මහත් වූ අලාභයක් සිදුව ඇති බව අවධාරණය කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කරණු  දැක්වූ නිලධාරීහු  මෙම ආයතන තවදුරත් පාඩු මත පවත්වා ගෙනයාම අනවශ්‍ය බැවින් ඈවර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලැබී තිබෙන බව පැවසුහ.

ඒ සම්බන්ධයෙන් අදහස්  දැක්වූ කෝප් කමිටු සභාපති  මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුයේ නිසි පුද්ගලයන් හට නිසි දඩුවම් ලබාදීමෙන් අනතුරුව මෙය ඈවර කිරීම ගැටලුවක් නොවන නමුදු මෙවැනි මහා පරිමාණ වංචාවක් සිදුව ඇති අවස්ථාවක නිසි පරීක්ෂණයකින් තොරව මෙම ආයතන එලෙස ඈවර කිරීම නුසුදුසු බවය.

ඒ අනුව මහපොළ  භාරකාර  අරමුදල යටතේ පවතින පාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් සංස්ථාව සහ නැෂනල් වෙලත් සිකියුරිටීස් සංස්ථාව මගින් සිදුව ඇති අක්‍රමිකතාවය පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව එම ආයතන දෙකම හැකි ඉක්මනින් කෝප් කමිටුව හමුවට කැඳවීමටත්, මෙම අක්‍රමිකතාවය පිළිබඳව නිසි ලෙස නිරීක්ෂණය කරන තුරු  ඈවර කිරීම ප්‍රමාද කිරීම කළ යුතු බවට කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img