Wednesday, September 23, 2026
HomeNEWSනුවරඑළිය - වැලිමඩ මාර්ගයේ මාරක වංගුවේ අදත් අනතුරක්

නුවරඑළිය – වැලිමඩ මාර්ගයේ මාරක වංගුවේ අදත් අනතුරක්

නුවර එළිය, හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේ දී අද (19) දහවල් සිදුවු රිය අනතුරකින් පදිකයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නුවර එළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

“අද දෙරණ“ වාර්තාකරු පවසා සිටියේ, නුවර එළියේ සිට වැලිමඩ දක්වා ගමන් කරමින් තිබු මෝටර් රථයක් එම පදිකයින්ගේ ගැටී අනතුර සිදුව ඇති බවය.

අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පළා ගොස් ඇති බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් හග්ගල ලොකු වංගුව ප්‍රදේශය අනතුරු බහුලව සිදුවන ස්ථානයක් බව පවසමින් ප්‍රදේශවාසීන් අද දහවල් උද්ඝෝෂණයක නිරතවු බව ද අප වාර්තාකරු කියා සිටියේය.

උද්ඝෝෂකයින් පවසා සිටියේ, එම ස්ථානයෙන් ගමන් ගන්නා රථවාහනවල වේගය පාලනය කිරීම සඳහා මාර්ග බාධක යොදන ලෙසය.

පැයකට ආසන්න කාලයක් පුරා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය පැවති අතර, අනතුරුව පිරිස විසිර ගියේය.

නුවර එළිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

පසුගිය අප්‍රේල් 1 වන දා හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මතට ලොරි රථක් පෙරළී සිදුවු රිය අනතුරින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

මීට පෙර ද එම ස්ථානයේ අනතුරු කිහිපයක් සිදුව ඇති බවත් වංගුව පිළිබඳ පෙර දැනුවත් කිරීමේ පුවරුවක් හෝ ආරක්ෂිත වැටක් එම ස්ථානයේ නොමැති වීමෙන් අනතුරු බහුල වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි 2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු...

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img