Tuesday, September 22, 2026
HomeNEWSකොළඹ වරාය නගරය - පෙත්සම් විභාගය හෙටට කල්යයි

කොළඹ වරාය නගරය – පෙත්සම් විභාගය හෙටට කල්යයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (20) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

එම පෙත්සම් විභාගය අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ආරම්භ විය.

පෙත්සම් විභාගය ආරම්භ කිරීමට ප්‍රථම විවෘත අධිකරණයේ කරුණු දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නීතිඥවරු විශාල පිරිසක් පෙනී සිටින හෙයින් සෑම නීතිඥවරයෙකුම සිය වාචික දේශන ඉදිරිපත් කිරීම විනාඩි 20ත් 30ත් අතර කාලයකට සීමා කරගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.කනගීශ්වරන් මහතා කරුණු ඉදිරිපත් කිරිම ආරම්භ කළේය.

එහිදී ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පත තුළ අන්තර්ගත ප්‍රතිපාදනවලින් රටේ භෞමික අඛණ්ඩතාවය මෙන්ම ජනතා පරමාධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය වන බවය.

මුහුද ගොඩ කර නිර්මාණය කරන ලද හෙක්ටයාර 46.53 කින් යුත් කොළඹ වරාය නගර භුමිය ශ්‍රී ලංකාවේ දේශසීමාව තුළට ඇතුළත් වන භූමි ප්‍රදේශයක් බව පැහැදිලි යැයි ඔහු පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img