Tuesday, September 22, 2026
HomeNEWSපක්ෂ බේද අනුව පළාතේ සංවර්ධනය සදහා මුදල් වෙන්කල යුගය අවසන්.

පක්ෂ බේද අනුව පළාතේ සංවර්ධනය සදහා මුදල් වෙන්කල යුගය අවසන්.

පක්ෂ බේද අනුව පළාතේ සංවර්ධනය සදහා මුදල් වෙන්කල යුගය වෙනස් කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

නව වසර උදාවෙන් පසු ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි අද (19) පෙරවරුවේ රාජකාරි අරභමින් ඇය මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවැසුවාය.

දැන් අපේ පළාතේ කැලෑවල් ආරක්ෂා වෙලා තියෙනවා, කෘෂිකාර්මික බිම් ටික ආරක්ෂා වෙලා තියෙනවා, පුරාවිද්‍යා ස්ථාන ලස්සනට තියෙනවා, ඒ ඔක්කොටම වඩා ශක්තිමත් ම දේ තමා නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාති තුනම ශක්තිමත්ව සාමයෙන් සමගියෙන් ඉන්නවා. නමුත් අපිට ඕන ආර්ථිකමය අතින්, සෞභාග්‍ය අතින එක සමාන වෙන්න.

මහජන දිනය දවසේ මම හැමදාම කණගාටු වෙනවා. එදාට තමයි තේරෙන්නේ අපේ පළාතේ ඉන්න මිනිසුන්ට කොයි තරම් ප්‍රශ්න තියනවද කියලා. ඒ ප්‍රශ්න තමන්ගේ රැකියාව හින්දා තියෙන ප්‍රශ්න ආර්ථිකමය අවස්ථාවක් නැති කම හින්දා තියෙන ප්‍රශ්න වගේ හුගාක් ප්‍රශ්න තියෙනවා. 

බස්නාහිර පලාතේ තියෙන දුප්පත්කමයි පළාතේ තියෙන දුප්පත්කමයි අතරත් ලොකු වෙනස්කමක් තියෙනවා. ඉතිං අපට මේ පළාත තුලින්ම මේ ප්‍රශ්න වලට විසඳුම් සොයා ගන්නට පුළුවන්. අපේ පළාත ආරක්ෂා කරගන්න පළාතේ තියෙන සෞභාග්‍යය ආරක්ෂා කරගනිමින් සංවර්ධනය කරන කොට අපිට මේවට විසඳුම් සොයාගන්නට පුළුවන්.

අපි විශ්වාස කරනවා අපි සාකච්ඡා කරපු දේවල් මේ අවුරුද්දේ සාර්ථකව ක්‍රියාත්මක කරන්න ලැබේවා කියලා. ඒ වගේම අපි කමිටුවක් පත්කරලා තියෙනවා අපේ නැගෙනහිරට ම ආවේණික වූ ප්‍රශ්න වලට විසඳුම් සොයා ගැනීම සඳහා. එම කමිටුව නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන්, ආචාර්ය ගුණරුවන් මහතාගේ උපරිම සහභාගිත්වයෙන් කාර්යාලය ද සහයෝගය ඇතිව කමිටුව දිගටම කරගෙන යන්න ලැබුනා.

මෙම කමිටුව හරහා අපිට ලැබුන මිනින්ගේ ප්‍රශ්න හුඟාක් එකින් එක කියවලා බලලා ඒවාට හොඳ නිර්දේශ දීලා හොඳ වාර්තාවක් කමිටු හරහා මේ මාසේ ලැබෙනවා. මේ ලැබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ මේවා ක්‍රියාත්මක වෙනවද කියන එක සොයා බැලීමට අපිට වගකීමක් තියනවා.

යුද්දේ නිස කාලයක් තිස්සේ උඩු දුවපු ප්‍රශ්න මේවා එකින් එක හොයලා බලලා මේවාට නිර්දේශ ලබා දෙන එක සුළුපටු කාර්යයක් නෙවෙයි. ඉතින් අපට ලොකු පහසුවක් මේ කමිටුව හරහා ලබා දුන්නා. 

නිර්දේශ ක්‍රියාත්මක කරන එක අපිට දැන් අතහැරලා යන්න බෑ එහෙම උනොත් ඒ ප්‍රශ්න නැවත වතාවක් ඉතුරු කරල යන්නේ. ඒවා ක්‍රියාත්මක කරන එක අපේ වගකීම ඔබ සියලු දෙනාගේ ද සහයෝගය එයට අවශ්‍යයි.

අපේ පළාතේ දේවල් සාර්ථකව කරගන්න අපිට මධ්‍යම රජයෙනුත් උපරිම උත්සාහය සහයෝගය ලැබෙනවා අමාත්‍යවරුන් අපි දීපු ව‍යාපෘති බොහොම සන්තෝෂයෙන් භාර අරගෙන අපිට යම් යම් මුදල් වෙන් කරලා තියෙනවා. අපේ පාරවල් වලට එහෙම අපිට වැඩිපුර ඉල්ලලා තිබුන විදිහටම මුදල් ලැබුණා.

අපේ පළාතේ ගුරු හිඟයක් තියෙනවා ත්‍රිකුණාමලය උතුරු කලාපයේ ඒ අතරින් විශේෂයි. ඒ විශාල ගුරු හිඟයට හේතුව තමයි ප්‍රධාන වශයෙන් ගුරු නිවාස නොමැතිකම අපේ බජට් එකේ ගුරු නිවාස වලට මුදල් වෙන් කරලා තිබුණේ නෑ. අපිට පුළුවන්කම ලැබුණා අපේ වෙනත් කටයුතු වලට වෙන් කරල තිබුණ මුදල් අරගෙන පාසල් 37 සඳහා ගුරු නිවාස ඉදිකිරීම හැකි වුණා.

ඉතින් ඒ වගේ මේ හැම ආයතනයකම හැම බජට් එකක් ම සතියක්ම අරගෙන හොදට අධික්ෂණය කරලා තමයි මේ වෙනස්කම් ඇති කලේ. පළාතකට හෝ කිසිම දිස්ත්‍රික්කයකට හෝ කිසිම කලාපයකට අසාධාරණයක් නොවන ආකාරයෙන් මේ මුදල් වෙන් කිරිම සිදු කළා.

මොකද පසුගිය කාල වලත් අපි දුටුවා අසාධාරණයෙන් මුදල් වෙන් කිරිමක් සිදු වෙලා තියනවා. අපි ඒවත් වලක්වාගන්න උත්සහ කරනවා. ජාති භේදයක් හෝ පක්ෂ භේදයක් සහ ආගම් භේදයක් නොමැතිව මුදල් වෙන් කිරිම බොහොම සාර්ථකව කළා. ඇත්තටම අපේ පළාතේ තියෙන්නේ ජාති බේද ප්‍රශ්න නෙවෙයි. පක්ෂ බේද ප්‍රශ්න. එම ගැටළු නිරාකරණය කරන්නත් අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕන.

මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img