Saturday, August 1, 2026
HomeNEWSපළාත් සභා මැතිවරණය ගැන ඉන්දියාවෙන් සිහි කැඳවීමක්

පළාත් සභා මැතිවරණය ගැන ඉන්දියාවෙන් සිහි කැඳවීමක්

පළාත් සභා මැතිවරණය ගැන ඉන්දියාවෙන් සිහි කැඳවීමක්

මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු දේශපාලන අධිකාරියේ බලය බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා රජය කැප විය යුතු බවට ජාත්‍යන්තරය සිදුකරන ඉල්ලීමට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබාදෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි.

තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වෙත ලිපියක් යොමු කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව සියලු පළාත් සභා  ක්‍රියාත්මක විය යුතු බවය.

තම රටෙහි මෙම ස්ථාවරය ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ද ඉදිරිපත් කළ බව ජයශංකර් මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන්, ඉන්දියාව ප්‍රබල ප්‍රකාශයක් සිදුකළ බව පෙන්වාදෙන ඉන්දීය විදේශ අමාත්‍යවරයා එය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සමානාත්මතාවය සහ ගෞරවනීයත්වය වෙනුවෙන් ඉන්දියාවේ කැප කිරීම පෙන්නුම් කරන්නක් බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම දෙමළ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදෙමින් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායී ලෙස කටයුතු කළ යුතු බව එස්. ජයශංකර් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img