කොළඹ, කළුතර, රත්නපුරය සහ යාපනය දිස්ත්‍රික්කවලින් කොවිඩ් මරණ වාර්තා වේ
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 625ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවක්, පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.






















