Thursday, July 30, 2026
HomeNEWSරන්ජන්ට සමාව දෙන්නැයි සජිත් ජනපතිගෙන් ඉල්ලයි

රන්ජන්ට සමාව දෙන්නැයි සජිත් ජනපතිගෙන් ඉල්ලයි

රන්ජන්ට සමාව දෙන්නැයි සජිත් ජනපතිගෙන් ඉල්ලයි

සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් තමාට ලිඛිත අයදුමක් කරන ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙන් සිව් වසරක සිරදඬුවමකට ලක්වූයේ ඉකුත් ජනවාරි මාසයේදීය.

ඒ අනුව, ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහෝසිවිණි.

රන්ජන් රාමනායක මහතාට මීට අදාළව ජනාධිපති පොදු සමාවක් ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති අතර විපක්ෂ නායකවරයා ඊයේ (19) පැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට ඒ ගැන දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු “අද දෙරණට“ සඳහන් කළේ, ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ  ජනාධිපති සමාවට අදාළව ලිඛිත ඉල්ලීම ඉදිරියේදී සිදුකරනු ඇති බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව, අධිකරණයෙන් වරදකරුවකු වූ පුද්ගලයකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම සඳහා හැකියාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img