Thursday, July 30, 2026
HomeNEWSස්වාධීන රාජ්‍යවල ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතුයි - ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ජනපති...

ස්වාධීන රාජ්‍යවල ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතුයි – ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ජනපති පවසයි

ස්වාධීන රාජ්‍යවල ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතුයි – ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ජනපති පවසයි

ජාතික සහ ජාත්‍යන්තර හවුල් ප්‍රතිපත්ති, සම්මත සහ නීති පවත්වාගන යාමේදී ස්වාධීන රාජ්‍යවල ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අද (20) අවධාරණය කළේය.

ඒ ආසියාවේ සහ සෙසු මහද්වීපවල රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “බොආඕ සංසදය“ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

ලොව සමාජීය සහ ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ආසියානු මහද්වීපයේ සහ තවත් රටවල් කිහිපයක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් “බොආඕ සංසදය“ පිහිටුවා ගැනුණි.

එම සංසදයේ මෙම වර්ෂයේ ආසියාව සඳහා වන ආරම්භක සම්මන්ත්‍රණය අද මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණි.

එහිදී “බොආඕ සංසදය“ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

“ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් ක්ෂේත්‍ර උදෙසා අතිගරු ෂී ජින් පින් ජනාධිපතිතුමා සහ චීන රජය විසින් ශ්‍රී ලංකාව වෙත දැක්වූ සහයෝගය මම අගය කරනවා. ශ්‍රී ලංකාව සියලුම මිත්‍ර රටවල් සමඟ සහයෝගීතාව අපේක්ෂා කරන පැහැදිලි හා නව ජවයකින් යුත් විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනවා. එම විදේශ ප්‍රතිපත්තිය සමානාත්මතාව හා නොබැඳි කොන්දේසි මත පදනම්ව සැකසී තිබෙනවා. මෙම මූලධර්ම අපගේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව වන සෞභාග්‍යෙය් දැක්ම තුළ අන්තර්ගත වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ලෝක ආර්ථිකයට සපයන දායකත්වය කුමක් වුවත් මෙම රටවලට අප්‍රමාණ වූ නීති, රෙගුලාසි සහ පාලන ව්‍යුහයන් පිළිපැඳීමට සිදුවනවා. නමුත් ඔවුන්ට ගෝලීය නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට ප්‍රවේශ විය නොහැකි බවත් අපි දන්නවා. මෙය කණගාටුදායක තත්ත්වයක්. ජාතික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර හවුල් ප්‍රතිපත්ති, සම්මතයන් සහ නීති අතර සාධාරණ සමබරතාවක් පවත්වාගැනීම අත්‍යවශ්‍ය වනවා. මෙම සමානාත්මතාව පවත්වාගෙන යාමේදී ස්වාධීන රාජ්‍යයන්හි ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතුයි. ශ්‍රී ලංකාව සාමකාමී, දේශපාලනික වශයෙන් ස්ථාවර රාජ්‍යයක් වන අතර එහි සංවර්ධන රාමුව යටතේ සිය අරමුණු සපුරාලීම සඳහා දේශීය පාලන ක්‍රමවේදය වැඩි දියුණු කිරීමට විවිධ පියවර ගෙන තිබෙනවා. මෙම ක්‍රියාවලියට අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ දායකත්වය අපේක්ෂා කරනවා. අපගේ බලාපොරොත්තුව ණය ලබා ගැනීමට නොව ආයෝජන දිරිමත් කිරීමයි. වාසිදායක බදු ව්‍යූහයක් සහ වෙනත් දිරිගැන්වීම් ඇතුළුව විදේශ සෘජු ආයෝජන සඳහා අප ආකර්ශනීය ප්‍රතිපත්ති සකස් කරලා තියෙනවා. බෝආඕ සංසදයේ සාමාජික රටවල රජයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආයෝජන සඳහා ගමනාන්තයක් සේ සලකන ලෙසය. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img