Wednesday, July 29, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරයට වසර 2ක් - මිලියන 500ක් ඉල්ලා වින්දිතයෙකු අධිකරණයට

පාස්කු ප්‍රහාරයට වසර 2ක් – මිලියන 500ක් ඉල්ලා වින්දිතයෙකු අධිකරණයට

පාස්කු ප්‍රහාරයට වසර 2ක් – මිලියන 500ක් ඉල්ලා වින්දිතයෙකු අධිකරණයට

2019 වසරේ මිලේච්ඡ ත්‍රස්තවාදීන් පිරිසක් එල්ල කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට හෙටට වසර දෙකක් සපිරේ.

ඉන් මියගිය අය සිහි කර කිතුනු දේවස්ථානවල හෙට (21) විශේෂ ආගමික සහ සැමරුම් උත්සව පැවැත්වීමට කතෝලික සභාව කටයුතු සූදානම් කර තිබේ.

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 ක් ජීවිතක්ෂයට පත්විය. 

ඒ අනුව ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර හෙට උදෑසන 8.45ට දේවස්ථානවල සීනූ නාද කෙරෙන අතර ඉන් පසු මිනිත්තු 2ක නිෂ්ශබ්දතාවයක් පැවැත්වෙනු ඇත.

පාස්කු ප්‍රහාරයේ ඉලක්ක බවට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි යන දේවස්ථානවලදීත් හෙට විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට නියමිතය.

කතෝලික සභාව පවසන්නේ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ප්‍රකාශයක්ද මෙරට සිටින වතිකානු තානාපති රදගුරුතුමා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවය. 

එම සැමරුම් උත්සව පැවැත්වෙන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල අද පස්වරු 4 සිට හෙට මධ්‍යහ්න 12 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ 

පොලිසිය පවසන්නේ සෙසු දේවස්ථානවලටද විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බවය. 

මේ අතර පාස්කු ප්‍රහාරයේදී ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ නීතිඥවරයෙකු වන මෝදිත ඒකනායක මහතා අද කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 3ක් ගොනු කරනු ලැබීය.

ඉන් එක් පැමිණිල්ලක් වන්නේ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමාට සිදු වූ බරපතළ මානසික සහ ශාරීරික හානි වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 12 දෙනෙකුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර නොගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස දන්වමින් නීතිඥ මෝදිත ඒකනායක මහතා, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව තවත් නඩුවක් ගොනු කරනු ලැබීය.

ඔහු සඳහන් කරන්නේ ෂැංග්‍රිලා හෝටලය තුළ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීමෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව ලැබීමෙන් හෝටලය තුළ සිටි තමා බරපතළ තුවාල ලැබූ බවය.

ඔහු ගොනු කළ තුන්වන නඩුව වන්නේ ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරය සිදුකළ බෝම්බකරු මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ පියා වන දැනට රිමාන්ඩ් භාරයේ පසුවන යුසුප් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු තිදෙනෙකුට එරෙහිවය.

නීතිඥ මෝදිත ඒකනායක අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, එම පිපිරීමෙන් තමාට සිදුවූ බරපතළ තුවාලවලට රුපියල් මිලියන 400ක වන්දියක් අය කර දෙන ලෙසය. 

මේ අතර  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් අද පාස්කු ප්‍රහාරයේ එක් ඉලක්කයක් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...

ගොවි සංවිධානවල ඉල්ලීමට අනුව සාධාරණ සහතික වී මිලක් ලබා දී තිබෙනවා- ඇමති ලාල්කාන්ත

ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැපවී සිටිනවා– අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහාසභා රැස්වීමක් අද (29) කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි...

පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට සැලසුම්-ජනපති

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img