මොනරාගල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තියත් සමග ඇතිමලේ පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරින් 57 දෙනෙකුගෙන් 16 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
ඊයේ (24) දිනයේ එම නිලධාරින් ආසාදිතයින් බව හඳුනාගෙන ඇත.
පසුව. ඇතිමලේ පොලිස් ස්ථානයේ අනෙක් නිලධාරින්ගේ ද PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊයේ දිනය තුළ මොනරාගල නගරය හා ඒ අවටින් ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වූ බවය.






















