Wednesday, September 23, 2026
HomeNEWSපාඨලී ට එරෙහි නඩුව ගැන කොළඹ මහාධිකරණය දුන් නියෝගය

පාඨලී ට එරෙහි නඩුව ගැන කොළඹ මහාධිකරණය දුන් නියෝගය

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා ලිඛිතව ජුනි මස 30 වනදා ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (27) ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළේය.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකුට බරපතළ තුවාල සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ. 

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජික කොඩිතුවක්කු මහතා අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාගේ කණිෂ්ඨ නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් කොවිඩ් ආසාදනය වී සිටින හෙයින් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා ද මේ වනවිට නිරෝධායනයට ලක්වී සිටින බවය.

මේ නිසා මෙම නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් අයැද සිටින ලෙස ලෙස ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තමන්ට දන්වා ඇතැයිද නීතිඥවරයා පැවසීය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අධිකරණයේ කාලය ඉතිරිකර ගැනීම සඳහා මෙම නඩුවට අදාළ විත්තියේ මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීම සුදුසු බවය.

මෙහිදී විනිසුරු බලල්ලේ මහතා ද කියා සිටියේ විත්තියේ මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීම සුදුසු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img