Thursday, July 30, 2026
HomeNEWSබගවන්තලාව වතුයායක 8කට කොවිඩ්

බගවන්තලාව වතුයායක 8කට කොවිඩ්

බගවන්තලාව කිව් වතුයායේ පහළ කොටසේ ජීවත්වන එකම පවුලේ 08 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇත.

ඊයේ (26) සිදුකළ පී.සී.ආර් පරික්ෂණ වාර්තා අනුව එම පිරිස ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

පසුගිය දින කිහිපයේ මෙම පිරිස කොළඹ ප්‍රදේශයට ගොස් පැමිණ ඇති බව අනාවරණය වී ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

මෙම අසාදිතයන් 08 දෙනාගේම පළමු අසාදිතයා ඔවුන්ගේ පියා වන අතර, ඔහු මේ වන විට බගවන්තලාව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබේ.

ආසාදිතයින් ගැවසුණු ළමා සුරැකුම් මධ්‍යස්ථානයක්, පෙර පාසලක් සහ ආගමික ස්ථානයක් තාවකාලිකව වසාදැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබුණි.

මෙම ආසාදිතයින් අතර අවුරුදු 7ක දරුවෙකු සහ මාස 4ක බිළිඳෙකු ද සිටින බව අප වාර්තාකරු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img