පසුගිය 21 වනදා අලුයම හංවැල්ල, කලුඅග්ගල ප්‍රදේශයේ ගරාජයක නවතා තිබියදී පැහැරගෙන ගොස් තිබූ මගී බස් රථය ඊයේ (26) පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ CCTV ඔස්සේ සිදුකළ පරීක්ෂණ අනුව එම බස් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ තිබී සොයාගත් බවය.
එම බස් රථයේ ඉදිරිපස සහ පසුපස වර්ණය වෙනස් කර අංක තහඩුව ද වෙනස් කර තිබෙන බව පොලීසිය පැවසීය.
මෙම සොරකම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.






















