Thursday, November 12, 2026
HomeNEWSකලුතර බන්ධනාගාරයට ගුවනින් ආ පාර්සල් 2ක්

කලුතර බන්ධනාගාරයට ගුවනින් ආ පාර්සල් 2ක්

කලුතර බන්ධනාගාර⁣යේ B අංශයට පිටතින් ඊයේ (27) සවස 2.30ට පමණ විසිකරන ලද තහනම් ද්‍රව්‍ය  ඇතුළත් පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එම පාර්සලයේ තිබී හෙරොයින් යැයි සැකකළ හැකි පැකටි 158ක්, ගංජා ග්‍රෑම් 20ක්, ජංගම දුරකථන 02ක් සහ මත් කරල් 30ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර, අද (28) පෙ.ව. 9.00ට පමණ කළුතර බන්ධනාගාරයේම B අංශයේ B4 වාට්ටුවේ වහළය මතට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එම පාර්සලය තුළ තිබී ජංගම දුරකථන 06ක්, දුම්කොළ 10ක්, ජංගම දුරකථන චාජර් 02ක් සොයා ගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය සහ අනෙකුත් තහනම් ද්‍රව්‍ය ඉදිරි කටයුතු සඳහා කලුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව බන්ධනාගාර බලධාරීන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img