සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම අද දින (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේය.
ඒ අනුව දෙවන මාත්‍රාව එන්නත්කරණ වැඩසටහන අද ආරම්භ කෙරුණේ මාලිගාවත්ත දිස්ත්‍රික් රෝහලේදී ය.
ඊට අමතරව කොළඹ ස්ථාන කිහිපයක දී ද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා එන්නත්කරණය වැඩසටහන සිදු කෙරෙමින් පවතී.
එන්නත්කරණයට ප්‍රථම ඊයේ (27) දිනයේ දී SMS පණිවුඩයක් හරහා සෞඛ්‍ය අංශ නිලධාරීන්ට එන්නත්කරණය සිදුකරන ස්ථානයට පැමිණෙන ලෙස දැන්වීමට ද පියවර ගෙන ඇත.
කොළඹ මහ නගර සභාවේ ප්‍රදේශීය වසංගත රෝග වෛද්‍ය, දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවේ පළමු එන්නත් මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල 800 කට එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.
එමෙන්ම පළමු වර එන්නත ලබාගැනීමෙන් පසුව ප්‍රතිදේහ කොපමණ සෑදී තිබෙනවා ද යන්න සොයාබැලීම සදහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදුකරන පරීක්ෂණ කටයුතු සදහා රුධිර සාම්පල ලබාගැනිම සිදුකරන බව ද ඇය පැවසුවාය.
සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ එන්නත් ලබාදීමේ වැඩසටහන අද දින (28) සිට සිකුරාදා (30) දින දක්වා සිදුකිරීමට නියමිතය.
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් වෙන්කොට ඇත.
ප්‍රථමයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතය.






















