Thursday, November 12, 2026
HomeNEWSවායු සමීකරණ සහිත ස්ථානවල දී කොවිඩ් වැලඳීමට ඇති හැකියාව වැඩියි -වෛද්‍ය සුදත්...

වායු සමීකරණ සහිත ස්ථානවල දී කොවිඩ් වැලඳීමට ඇති හැකියාව වැඩියි -වෛද්‍ය සුදත් සමරවීර

වායු සමීකරණ පහසුකම් සහිත කාර්යාල හෝ ස්ථානවල රාජකාරි කටයුතු කිරීමේ දී සැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංවෘත ස්ථානවල කිහිපදෙනෙකු කටයුතු කිරීම වඩාත් අවදානම් සහගත බවය.

“යම් විදියකින් පුද්ගලයෙක් ජනෙල් දොරවල් වහලා තියෙන කුඩා කාමරයක ඉන්නවා නම්, විශේෂයෙන් ම වායු සමීකරණය කරලා තියෙන තැනකදී මේ රෝගය තවත් අයෙකුට ව්‍යාප්ත වෙන්න, වැළඳෙන්න තියෙන හැකියාව වැඩියි. ඒ නිසා ඒ වගේ ස්ථානවල අපි නිර්දේශ කරනවා පුළුවන් හැම අවස්ථාවක ම ජනෙල් දොරවල් විවෘතව තබන්න. ඒ වගේම තමයි ඒ වගේ ස්ථාන කාර්යාලයක දී පවා අපි තනියම නෙමෙයි නම් කාමරයේ ඉන්නේ අනෙක් අය මුණ ගැසෙන විටත් හමුව කතා බහ කරන විට මුව ආවරණ නිතර පැලඳ සීටීම ඉතාම වැදගත්. එවැනි ස්ථානයක රාජකාරියට ගිය වහාම තමන්ගේ අත් සබන් දා පිරිසිදු කළ යුතුයි. ඒ වගේම ආයතනයෙන් පිටතට යෑමේ දී ද අත් සේදීම ඉතා වැදගත්.“

බෝ නොවන රෝග හෝ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් වෙත පැමිණ එය පාලනය කර ගත යුතු බවත් එහිදි සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැඳිය යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img