Thursday, November 12, 2026
HomeNEWSත්‍රීරෝද රථයක් අඩි 400ක් ප්‍රපාතයකට

ත්‍රීරෝද රථයක් අඩි 400ක් ප්‍රපාතයකට

වැලිමඩ සිල්මියාපුර ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රපාතයට පෙරළී පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා තිබේ.

ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 400ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇතැයි “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

සිල්මියාපුර ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි හපුතලේ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් එලෙස අනතුරට ලක්ව තිබේ.

තුවාල ලැබු පිරිස නුවර එළිය රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් වයස අවුරුදු 21,22, 56 හා 75 යන වයස්වල පුද්ගලයින් පිරිසක් තුවාල ලබා තිබේ.

ත්‍රීරෝද රථයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි වැලිමඩ පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

වැලිමඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img