Thursday, November 12, 2026
HomeNEWSරටේ තත්ත්වය භයානකයි - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති

රටේ තත්ත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති

කොවිඩ්-19 පළමු සහ දෙවන රැල්ලේ මෙන්ම මෙම රැල්ලේ ද රසායනාගාර වාර්තා ලැබීම ප්‍රමාදවීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඒ බව සඳහන් කළේය.

රසායනාගාර වාර්තා කඩිනමින් ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් මේ වන විට ස්ථාපිත කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.

රටේ දැනට පවතින තත්ත්වය රසායනාගාර වාර්තා හරහා සහ රෝගීන්ගේ දත්ත හරහා වාර්තා වන තත්ත්වයට වඩා භායනක සහ බැරෑරුම් බව ද උපුල් රෝහණ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“කොවිඩ්-19 පළමු සහ දෙවන රැල්ලේ වගේම කණගාටුදායක විදිහට රසායනාගාර වාර්තා ලැබීම් මේ රැල්ලේදීත් ප්‍රමාද වෙමින් තිබෙනවා. ඇත්තටම මේ මොහොතේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අපි දැක්කා ඊයේ දිනයේදී  1,500 ඉක්මවා යනවා. අපිට මෙය වාර්තාවෙන්නේ මීට දින තුනකට හෝ කලින් වාර්තා විය යුතු රෝගීන්. ඒ නිසා රටේ පවතින නියම ස්භාවය මේ රෝගී දත්තවලින් ගන්නවා නම් ඒක අපි මවා ගන්නා වැරදි චිත්‍රයක්. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අවබෝධයක් ගන්නේ නම් අද දිනයේ පවතින නියම ස්භාවය අවබෝධ කර ගතයුතුයි. මේ ඇති වෙලා තියෙන තත්ත්වයට මහජනතාවගේ සංචරණය තමයි ප්‍රධාන වශයෙන් හේතු වුණේ. ඒ නිසා තවදුරටත් අපි වගකීම් විරහිතව අනවසර ඒකරාශී වීම්වල ගැවසෙනවානම්, කටයුතු කරනවානම්, සමාජ දුරස්ථ භාවය අවම වන විදිහට අපි කටයුතු කරනවානම් ඒක ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක්. තමන්ගේ නිවසට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැරට යන්න නමුත් අනවශ්‍ය ලෙස සතිපොළවල් සහ රාත්‍රී වෙළෙඳසැල්වල හෝ අනෙකුත් ස්ථානවල රැඳී සිටින්න එපා. මේ තත්ත්වය තවදුරටත් වර්ධනයවෙලා ඉතාම අභාග්‍ය තැනකට තල්ලුවෙන්න තියෙන ඉඩ වැඩියි.“ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img